සිසිර ජයගෙන | Luna09

සිසිර ජයගෙන | Luna09

සිසිර ජයගෙන.

දින 30 කට වරක් තමන්ට ඉහළ අහසේ පායපු සුදු “පාට වෘත්තය” ගැන අපේ පැරණි මුතුන් මිත්තන්ගේ හිතේ මොනවා තියෙන්න ඇතිද? පසු කාලයකදී ඒ වෘත්තය, සඳ(Moon) ලෙස මිනිසුන් විසින් නම්කරගනු ලැබූ අතර කල් ගතවීමේදී මෙම වෘත්තය තවත් ආකාශ වස්තුවක් ලෙස අවබෝධ කර ගැනීමෙන් අනතුරුව විද්‍යාවෙන් සන්නද්ධ වෙමින් සිටි මිනිසුන් එය වෙත ගමන් කිරීමට නොයෙකුත් උත්සාහයන් දැරූවා.

ලූනා යානාවේ සැබෑ අනුරුවක්

ඇමරිකාවත්, රුසියාවත් එකිනෙකා හා තරගකරමින් සඳජයගැනීමට නොයෙක් වර නොයෙකුත් යානා සඳ වෙත ගමන් කරවීමට උත්සාහ කළත් 1966 වසරේ පෙබරිවාරි 03 වැනිදා රුසියාව විසින් තම ලූනා 9 යානාව සාර්ථකව සඳ මතුපිට නිරුපද්‍රිතව පතිත කරනු ලැබූවා. 1966 ජනවාරි 31 වනදා රොකට්ටුවක් ආධාරයෙන් අහසට විදිනු ලැබූ ලූනා 9, සඳ වෙද පතිත කරවූවේ පෙබරවාරි 03 වනදා රුසියානු වේලාවෙන් උදෑසන 11.45 ටය. මින් පෙර සඳවෙත යොමු කළ ලූනා 1 සිට 7 දක්වා යානා අතර මගදී ක්‍රියාවිරහිත වූ අතර ලූනා 8 සඳට ලඟාවත්ම සඳ මතට ඇද වැටී විනාශ වූවා. මෙය මිනිසා විසින් සඳ මතට නිරුපද්‍රිතව පතිත කළ පළමු යානාව ලෙස මිනිස් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනා.

1966 පෙබරවාරි 06 වනදා යානාය සමඟ තිබූ සියලු සම්බන්ධකම් ඇණ හිට ලූනා මෙහෙයුම අවසන්වූවා. ඒ ලූනා 9 මෙහෙයුම දින 6 කට සීමා කරමින්. රුසියාව විසින් සඳ මෙහෙයුම වෙනුවෙන් ලූනා යානා 21 ක් 1973 වන විට ගුවන් ගත කොට තිබෙනවා. ඇමරිකාව විසින් මිනිස් ඉතිහාසයේ පළමු වරට අභ්‍යවකාශ යානාවක් මගින් මිනිසෙකු සඳ මත පතිත කරන්නේ ලූනා යානාව සඳ මතුපිටි පතිත කොට වසර 3 කට පසුව 1969 වසරේදීයි. ඒ මිනිස් ඉතිහාසය උඩු යටිකුරු කරමින් ඇපලෝ 11 යානාව සාර්ථකව සඳ මතුපිට පතිත කරමිනි.

හසිත හේරත් | Athirasa [ History ]
my sources www.bothglow.com. favorite swiss watches replica. web link https://buyswiss-watches.com.com. have a peek at this site https://www.employmentwatches.com. index mutualfundswatches.com. more info here loanstagheuer.com. 65% off fake hublot watches. Wiht 90% Discount https://www.aaronjersey.com. sites wholesale Kobe Bryant jersey. read more https://courtneyjerseys.com. Quality https://www.dirkjersey.com/. dig this https://fatjerseys.com/. find more Youth Lonzo Ball Jersey. Lady https://redickjerseys.com/. find out John Stockton jersey 2021. hop over to this web-site replica Tobias Harris jersey.