Categories

Idol

මෙතිලි ඨාකූර් | Maithili Thakur

869views

2000 වසරේ ජූනි 25 වනදා උපන් මෙතිලි ඨාකූර් ඉන්දියාවේ සාමාන්‍ය පවුලක දැරියක්. කුඩා කල සිටම සංගීතය ඇසුරු කරමින් ඇය ගී ගැයිමෙහි හපනියකු වූවාය. වැඩිවියට පත්වනවාත් සමග හාර්මෝනියම් වාදනයේදී දස්කම් දක්වන ඇය තම ගායන හැකියාව ලොවට පෙන්වීම උදෙසා තෝරාගන්නේ රියැලිටි තරඟාවලි කිහිපයක්.

ඉන්දියානූ රූපවාහිනි නාලිකාවක රියැලිටි තරගයකින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තම සංගීත හැකියාව ලොවට පෙන්වන්නට තෝරාගන්නා මාධ්‍යය වන්නේ ඔබ අප කවුරුත් දන්නා You Tube වීඩියෝ ජාලයයි. YouTube හරහා මුළුමහත් ඉන්දියාවම වසඟයට ගන්නා මෙිතිලි ගයන්නේ ආදර ගී නොවේ. ඒවා සියල්ලම දෙවියන් වෙනුවෙන් ගයනා භජන් ගීතයි. යූටියුබ් හරහා භජන් ගැයීමෙන් තම හැකියාව ලොවට පෙන්වීමට ඇයට උදවු වන්නේ ඇගේ මල්ලී හා අයියායි. තබ්ලාව වයමින් සහය දක්වන ඇගේ අයියා මෙන්ම අත්වැල් ගායනාව සපයමින් ඇයට සහය වන්නේ ඇගේ මල්ලීයි. පියාගෙන් ඇයට උරුම වූ සංගීත හැකියාව ඇයව බොහෝ දුර ගෙන එන්නට සමත් වී තිබෙනවා.

නව මාධ්‍ය උපයෝගී කරගනිමින් ගයන වයන ඇය වටා එක් රොක් වී සිටින රසික රසිකාවියන් ගණන මිලියන ගණනක්.ඇගේ යූටියුබ් නාලිකාවට කැමැත්ත පළකොට ඇති රසික පිරිස 65,000 කට ආසන්න වේ. භජන් ගයමින් දෙවියන් යැදීම ඉන්දිායාවේ ඉතා සුළභ කටයුත්තක් වන අතර මෙතිලි බොහෝ ජනප්‍රිය වන්නට ඇත්තේද ඇගේ මේ මනරම් භජන් ගායන හැකියාව නිසාම විය යුතුය.

තවමත් 18 වන වියෙහි පසුවන යෞවනියක් වන ඇය මේ වන විට තම උසස් අධ්‍යාපනය හදාරමින් සිටී. මුදල් පරමාර්ථයක් නොමැතිව භජන් ගායනයේ යෙදුනත් ඇගේ යූටියුබ් නාලිකාවේ ඇති අති ප්‍රසිද්ධිය නිසාම ඇය වෙත මාස්පතා ලැබෙන ආදායම ඉතා විශාල එකක්.

ඇගේ යූටියුබ් නාලිකාව – https://www.youtube.com/channel/UCiiHohivUjxQr4zspF1ZUJw/featured

 

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker