Categories

HistoryIdol

මාරියෝ | Mario Brothers

1.07Kviews

දුටු පමණින් ඔබට මෙහි සිටින කාටූන් චරිතය හඳුනාගත හැකි නොවේද ?අප කුඩා කල සිට ආදරය කළ රූපවාහිනී ගේම් යන්ත්‍රයෙන් සාලය පුරා දිව ගිය “මාරියෝ” ඔබට මතක ඇතුවාට සැක නැත. කුඩා කැසට්ටුවකින් උපත ලබා අමරණීය සංගීතයක් සමග අපව අමුතු ලොවකට රැගෙන ගිය මාරියෝ ජපන් රටේ තවත් සාඩම්බර නිර්මාණයකි.

ක්‍රීඩාවේ මුල්ම දැක්ම
ක්‍රීඩාවේ මුල්ම දැක්ම

1980 දී ජපානයේ නිපදවූ විනෝදාස්වාද රූපවාහිනී ක්‍රීඩා පද්ධතියක් වූ නින්ටෙන්ඩෝ ආකෙඩ් ගේම් පද්ධතිය ලොව කුඩා දරුවන් හා තරුණ තරුණියන් අතර ඉතා වේගයෙන් ජනප්‍රිය ක්‍රීඩා භාන්ඩයක් බවට පත්වුනා. මෙම ක්‍රීඩා පද්ධතියේ මුලින්ම ඇතුලත් කොට තිබූ ඩොංකි කොං නම් ක්‍රීඩාවේ යාවත්කාලීන කිරීමක් ලෙස 1983 දී මාරියෝ නම් මිනිසාගේ වික්‍රමය ක්‍රීඩාවක් ලෙස කරළියට පැමිණුනා.මුලින්ම “වීඩියෝ මෑන්” ලෙස හැඳින්වුවද එයටම ආවේනික නවතම ක්‍රීඩාවක් ලෙද “මාරියෝ” උපත ලැබූ මාරියෝ ජපානයේ පරිගණක ක්‍රීඩා නිර්මාණ ශිල්පියෙකු වූ ශිගේරු මියොමොතෝ විසින් ලොවට බිහිකරන ලදි.ලොව පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය චරිතයක් බවට පත්වූ මාරියෝ ක්‍රීඩාව ඉතා විනෝදජනක ලෙස නිර්මාණය කොට තිබීමත් , එහි වූ නවින පෙළගැස්ම හා නව තේමාව ආකේඩ් ක්‍රීඩාවට නම නැම්මක් එක් කලා.

මාරියෝ නිර්මාතෘ - ශිගෙරු මියාමොටෝ
මාරියෝ නිර්මාතෘ – ශිගෙරු මියාමොටෝ

ශිගේරු මියොමොතෝ උපත ලබන්නේ 1952 නොවැම්බර් 16 වනදා ජපනයේ කියොතෝහි සොනොබේ නම් ප්‍රදේශයේදීය.කනසාවා කලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු උනන්දු වූයේ චිත්‍රශිල්පය හදාරා ඒ මඟින් නවතම , විශ්මිත දෙයක් කිරීමටය. ඒ අනුව ඔහු 1977 දී ජපානයේ පරිගණක ක්‍රීඩා නිෂ්පාදන ආයතනයත් වූ නින්ටෙන්ඩෝ වෙත එක් වනවා. අතීතයෙන් පැමිණි මාරියෝ ක්‍රමයෙන් දියුණු කරමින් මේ වන විට ඇපල් මෙහෙයුම් පද්ධතියට හා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන්ද නිර්මාණය කොට අවසන්.ද්වීමාන තත්වයෙන් උපත ලැබූ මාරියෝ වර්ථමාණයේ ත්‍රිමාණ ක්‍රීඩාවක් ලෙසද ලොවට එක්වී තිබෙනවා. මේ වනවිට එය තවදුරටත් යාවත් කාලීන කොට නවතම ගේම් පද්ධතියක් වූ “Wii” නම් virtual reality ගේම් පද්ධතියක් ලෙස දියුණු කිරීම දක්වා පැමිණ තිබෙනවා.

අප කුඩා කල අප සමග එහේ මෙහේ දුවමින් බිම් මල් ගෙන ශක්තිය වැඩි කරගනිමින් , ගිනිමල සමග එකතු වී ගිනිබෝල විසිකරමින් , ඉබ්බන් හා ඇවිදින නපුරු බිම්මල් මරා දමමින් කුමරිය බේරාගන්නට කළ මානුශීය මෙහෙයුම අපගේ සිත් වලින් නම් කෙදිනක වත මැකී නොයනු ඇති.අප වෙනුවෙන් කල ඒ සියලුම දේට “ශිගේරු මියොමොතෝ” මාමේ , ස්තූතියි!!

හසිත හේරත් | Athirasa [ Idol]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker