නත්තලේ පණිවුඩය | World 1st Massage From Satellite
විශ්වයේ සිට ආ නත්තලේ පණිවුඩය !
රුසියාවේ අභ්‍යවකාෂ මෙහෙයුම් වල ආරම්භය සනිටුහන් කරමින් සිටි මුල් කාලයේ ඇමරිකා එක්සත් ජනපදය තම අභ්‍යවකාශ මෙහෙයුම් තවත් දියුණු තියුණු කොට ගන්නට බොහෝ වෙර දරමින් සිටියා.රුසියානුවාන් ස්පුට්නික් 1 හා 2 ගුවන් ගත කිරීමෙන් වසරකට පමණ පසුව ඇමරිකානුවන් ලොවම උඩු යටිකුරු කළ යුතු අභ්‍යවකාශ මෙහෙයුමක් කරන්නට පිඹුරුපත් සකසමින් සිටියා.
ඒ අනුව ඇමරිකානුවන් මීට වසර 59 කට පෙර 1958 දෙසැම්බර් 18 වනදා ලොව පළමු සන්නිවේදන චන්ද්‍රිකාව පොළවට ඉහළ අහසේ පෘතුවි කක්ශය වෙත යොමු කළා.නමින් SCORE (Signal Communications by Orbiting Relay Equipment) වූ මෙම චන්ද්‍රිකාව පෘතුවි කක්ෂය වෙත යොමු කිරීමෙන් පසුව මානව ඉතිහාසයේ පළමු වරට විශ්වයේ සිට රේඩියෝ පණිවුඩයක් පෘතුවිය වෙත විකාශය කළා. නත්තල් පණිවුඩයක් වූ එය එකළ ඇමරිකා එක්සත් ජනපදයේ 34 වන ජනාදිපති වූ ඩිවයිට් ඩී. අයියන්හවර් විසින් කියවා පටිගත කොට තිබූවක්. ඒ 1958 අදවැනි දෙසැම්බර් 19 වැනි දිනකයි.එය මිනිස් ඉතිහාසයේ පළමු සන්නිවේදන චන්ද්‍රිකාවේ සිට පැමිණි පළමු රේඩියෝ පණිවුඩයයි.
පෘතුවිය වටා පළමු වටය ගමන් කිරීමේදී හඬ පටිගත කළ යන්ත්‍රය ක්‍රියාත්මක නොවූවත් දෙවන වටය ආරම්භයේදී එය යථාතත්වයට පත්කොට ගත් මෙහෙයුම් මැදිරිය ඇමරිකානු ජනාධිපතිවරයාගේ නත්තල් පණිවුඩය විකාශය කරනු ලැබූවා.
එම නත්තල් පණිවඩය මෙසේයි –
“This is the President of the United States speaking. Through the marvels of scientific advance, my voice is coming to you from a satellite circling in outer space. Through this unique means I convey to you, and to all mankind, America’s wish for peace on Earth and goodwill toward men everywhere
මේ අමතන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයායි. විද්‍යාවේ අරුම පුදුම දියුණුව නිසා මගේ මෙම හඬ පැමිණෙන්නේ පෘතුවිය වටා භ්‍රමණය වන චන්ද්‍රිකාවකිනි. මෙම අද්විතීය අවස්ථාව ඇමරිකා එක්සත් ජනපදය ලොව සිටින සියලු මණුශ්‍යය වර්ගයාට සාමය හොඳ හිත පතුරුවන්නට යොදාගන්නවා“
Project SCORE නම් ඇමරිකානු සන්නිවේදන චන්ද්‍රිකාවේ සිට පැමිණි ලොව පළමු මිනිස් හඬ ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ 34 වන ජනාධිපති ඩිවයිට් ඩී. අයියන්හවර් මහතාගේ හඬ මානව ඉතිහාසයේ නොමැකෙන ලෙස සනිටුහන් වනවා.
©හසිත හේරත්.