Categories

Feature

පිරිතෙන් උපන් ගීය | The Miracle Song

1.05Kviews

“මම කාමරේ පොඩි වැඩක් කරමින් හිටියේ. එතකොට සෑහෙන්න රෑවෙලා. රේඩියෝ එකේ පිරිත් දාලා තිබුනේ. ඒ පිරිත් හඬ අපේ ගෙදර පුරාම පැතිරිලා යමින් තිබුනේ. මහත්තයා නිදාගෙන හිටියේ“
————————–————————–——
“1972 වර්ෂයේ පසළොස්‌වක දවසක රාත්‍රියක්‌. වෙලාව රෑ දොළහට පමණ ඇති. රේඩියෝ එකේ මහ පිරිත වාදනය වෙමින් තිබුනා. මම මහ පිරිතට කන්දී ගෙන හුඟ වේලාවක්‌ හිටියා. නිදිත් මතයි. නැන්දාට පිරිත් අහන්න එහෙමම රේඩියෝව දාල තියෙද්දීම මම නිදා ගත්තා. ටික වේලාවක්‌ ගියා. මට නින්දේදීම සිහිනයක්‌ පෙනෙනවා. සිහිනය මේකයි. මම සුදු ඇඳගෙන සුදු මල් වට්‌ටියක්‌ අතින් අරගෙන, පළමුවෙන් සිරිමා බෝධීන් වහන්සේ ළඟට ගිහින් වැන්දා. ඊළඟට රුවන්වැලි සෑය ළඟට ගියා. වැන්දා. පස්‌සෙ තිසා වැවෙන් නාල ආයිත් රුවල්වැලි සෑයට මල් වට්‌ටිය පූජා කළා. ඒ ඉවරවෙලා මම ගියේ සීගිරියට. සීගිරිය නගින්න හදන තැනම වම් පැත්තෙ සිංහාසනයක්‌ වගේ එකක්‌ තිබුණා. ඒකෙ ඉඳගෙන මම ගිමන් ඇරියා. එච්චරයි. මට එක පාරටම ඇහැරුනා“
————————–————————–——
“ඒත් එක්කම එකපාරම අවදි වෙච්ච මහත්තයා පිරිත් හඬ අස්සේම මේසෙට ගිහින් මොනවද කොළේක කුරුටු ගෑවා“
————————–————————–——
“මම එක පාරටම ඇඳෙන් බිමට බැස්‌සා. කාමරයේ ලයිට්‌ එක දැම්මා. පෑන ගත්තා. ඕක ලියාගෙන ලියාගෙන ගියා. එච්චරයි. එතකොට වේලාව පාන්දර හතරයි“
————————–————————–——
“මාත් දුවලා ගියා මහත්තයා මොනවාද මේ මහ රෑ හදිස්සියේම ලියන්නේ කියලා බලන්න.මහත්තයා මට ලියපු දේ පෙන්නුවා. මං මුළ ඉඳන් අගට යනකන්ම කියෙවුවා. මගේ පපුව සීතල වෙලා ගියා“
————————–————————–——
“හැබැයි මේ ගීතය ලියලා ඉවර වුණ හැටියෙම මාව සසල වුණා. කොහොමද මං මේ ගීතය ලිව්වෙ කියල. මං මහ රෑ කරන මේ විප්ලවය මොකක්‌ද කියල දැන ගන්න ඊළඟට මගේ බිරිඳ දුවගෙන ආවා. එයාට මං ලියු ගීතය පෙන්නුවා. මේක දැකල එයා පුදුමයට පත්වුණා“
————————–————————–——
සසර වසර තුරු – නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ – යළි උපදින්නට
හේතු වාසනා වේවා හේතු වාසනා
රත්නමාලි සෑ කිරණයි – මහ බෝ හෙවනයි
තිසා වැවයි සීගිරියයි – මගේ උරුමයයි

ඩෝල්ටන් අල්විස්
ඩෝල්ටන් අල්විස්

පිරිතෙන් උපන් ගීය පසුව පණ්ඩිත් අමරදේවයන් අතින් සංගීතවත් වෙනවා. වචන කීපයකින් මුළු මහත් දේශයක අභිමානය කැටිකරපු මෙම ගීය ලියැවෙන්නේ කෘතහස්‌ත ගීත රචකයකු ලෙස තම ප්‍රතිභාව ශ්‍රී ලාංකීය ගීත ක්‌ෂේත්‍රයට මුසු කළ ඩෝල්ටන් අල්විස්‌ කලාකරුවා විසිනුයි.

සිංහල ජාතිය මේ දෙරණ තුල පවතින තාක් කල් මේ ගීය මේ මිහිතලය තුළ නොමැරී පවතිනු ඇත. කෙටි වදන් කිහිපයකින් මුළු මහත් දේශයක මහිමය ගීයකට කැටි කළ පිනෙන්ම ඩෝල්ටන් අල්විස් නම් වූ ඒ “මිනිසා“ මතු ආත්මයකදී නිවනින් නිවී සැනසෙනු ඇත !

ගීතය අසන්න

හසිත හේරත් | Athirasa [ Feature ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker