බටු මෝජු | Sri Lankan Batu Moju
1.96Kviews
අතිරස මුලුතැන්ගෙදරින් අද අපි අළුත් විදියේ බටු මෝජුවක් හදමු !
මේක හරිම ලේසියි.
- අවශ්‍ය දේවල්:
- වම්බටු ග්‍රෑම් 500
- ලොකු ළුෑණු ග්‍රෑම් 150
- මිරිස් කරල් 5
- සුදු ළුෑණු බික් 4/5
- ඉඟුරු කෑල්ලක්
- තෙල් වර්ගයක්
- කහ කුඩු ස්වල්පයක්
- ගම්මිරිස් මේස හැඳි 1
- ලුණු අවශ්‍ය ප්‍රමාණයට
- සීනි මේස හැඳි 1
- මිරිස්/තක්කාලි සෝස් මේස හැඳි 2
- චිලි පේස්ට් මේස හැඳි 1
- රම්පේ/කරපිංචා/කුරුඳු පොතු හෝ කුඩු
සාදාගන්නා අයුරු:
- බටු ටික පොඩි තීරු හෝ කැට ආකාරයෙන් කපාගෙන කහ කුඩු මිශ්‍ර කරගත්ත වතුරට දාගන්න. කහට පිපෙන නිසා.
- ඊට පස්සේ ගැඹුරු තෙලේ බැඳගන්න. ගොඩක් වෙලා බඳින්න එපා. සාමාන්‍යයෙන් පාට වෙනස් වෙද්දි තෙල් වලින් අයින් කරගන්න.
බටු ටික නිමෙනකල් ඊළඟට වැඩ ටික කරමු.
- ඉඟුරු සුදු ළුෑණු තලා ගන්න. ලොකු ළුෑණු කොටු හැඩයට කපා ගන්න. මිරිස් කරල් දෙකට පලා ගන්න.
- පෑන් එකක් රත් වෙන්න තියලා තෙල් ටිකක් දාගන්න.
- තෙල් රත් වෙද්දි තලා ගත්ත ඉඟුරු සුදු ළුෑණු ටික දාලා රන්වන් පාට වෙනකල් තියාගන්න.
- රම්පේ, කරපිංචා, කුරුඳු එකතු කරගන්න.
- ඊට පස්සේ කපාගත්ත ළුෑණු ටික, මිරිස් කරල් ටික දාලා ඒකට කහ, ගම්මිරිස්, ලුණු එකතු කරලා ළුෑණු ටික තැම්බෙන්න පියනකින් වහලා ටිකක් වෙලා තියන්න.
- ළුෑණු ටික තැම්බුනාම ඒකට බැඳගත්ත බටු ටික, චිලි පේස්ට්, සෝස්, සීනී එකතු කරලා හොඳට කවලම් කරන්න.
වැදගත්: බටු ටික එකතු කරලා ගොඩක් වෙලා තියන්න ඕන නෑ. ඒ වගේම මේ හැමදේම කරන්න ඕන අඩු ගින්දරෙන්.
නදීශානී බණ්ඩාර දොඩන්ගොල්ල | Athirasa [ Kitchen ]