Categories

History

මොනාලිසා පැන ගියා | Theft Of The Monalisa

697views

මොනාලිසා පැන ගියා.

ලෝක පූජිත චිත්‍ර ශිල්පියෙකු වූ ලියනාඩෝ ඩාවින්චි විසින් ක්‍රි.ව. 1504 දී අඳින ලද ෆ්ලොරන්ස් නගරයේ ධනවත් ව්‍යාපාරිකයිකු වූ ෆ්‍රැන්සිස්කෝ ඩෙල් ජිකොන්ඩාගේ රූමත් බිරිඳගේ බව කියැවෙන ලෝක ප්‍රකට උඩුකය සිතුවම එය තැම්පත් කොට තැබූ පැරීසියේ ලූවර් කෞතුකාගාරයෙන් අතුරුදහන් වන්නේ 1911 දීය. කිසිවෙකු විසින් සොරාගන්නට ඇතැයි සිතූ කෞතුකාගාර නිළධාරීන් මුල් මොනාලිසා කෘතිය සොයන්නට දැවැන්ත මෙහෙයුමක් අරඹන ලදි.

එම මෙහෙයුම නිසා 1913 වසරේ අද වැනි දෙසැම්බර් 11 දිනයකදී මෙම ලෝක ප්‍රකට සිතුවම සොයාගනු ලබන්නේ ඉතාලි ජාතික වේටර්වරයෙකුගේ කාමරයකිනි.නමින් වින්චෙන්සෝ පෙරූජා වූ මෙම පුද්ගලයා 1881 දී ඉතාලියේදී උපත ලැබූවෙකි. කලකට පෙර ලූවර් කෞතුකාගාරයේ සේවය කල වින්චෙන්සෝ සේවා දොරටුවෙන් පැමිණ ඉතා පරිස්සමින් මොනාලිසා සිතුවම බිත්තියෙන් ගලවා එහි රාමුවද ඉවත් කොට සිතුවම සහිත කඩදාසිය තම උඩු ඇඳුමේ සඟවා කිසිවෙකුට අසුනොවන ලෙස ඉතා පහසුවෙන් ලූවර් කෞතුකාගාරයෙන් ඉවතට ගොස් ඇත.පසුව ඔහු ඉතාලිය වෙත ගොස් ඇති අතර සිතුවම ඉතා පරිස්සමින් තම නිවසේ කාමරයක සඟවා තබා ඇත.

කෙසේ හෝ පොලිස් නිළධාරීන් වින්චෙන්සෝ සොයා පැමිණ තිබුනේ ඔහු පිළිබඳව බොහෝ තොරතුරු සොයාගැනීමෙන් අනතුරුවය.ඉතා අඟහිඟකම් වලින් යුතුව සිටි වින්චෙන්සෝ මෙම සිතුවම සොරා ගැනීමෙන් අනතුරුව මෙය සොයාදෙන්නෙක්ට විශාල ත්‍යාග මුදලක් ලබා දේවී යැයි සිතා එය එසේ වුවහොත් නැවත තමා විසින්ම ගෙනගොස් කෞතුකාගාරයට බාරදී එම ත්‍යාග මුදල ලබාගැනීමේ අටියෙන් මෙම සොරකම සිදුකොට තිබිණ

මෙම සොරකමට වැරදිකරු වූ වින්චෙන්සෝ මාස 14 ක බරපතල වැඩ සහිත සිර දඬුවමකට යටත් කරන ලදි. ඊට අමතරව මෙම සිතුවම පෙර පරිදිම කෞතුකාගාරයේ රඳවා එය අධික ආරක්ෂාව යටතේ තැබීමට නියම විය.වර්ථමානයේදී එය වෙඩි නොවදින විදුරුවකින් පවා ආවරණය කොට ඇත.මෙම සොරකමට වසර දෙකකට පසු නැවත මෙම සිතුවම සොයාගැනීම එකල පොලිසීය ලැබූ මහත්වූ ජයක්ම විය.මෙම සිතුවම නැවතත් ප්‍රසිද්ධියට පත්වූයේ වින්චෙන්සෝගේ මෙම සොරකමින් පසුවයි.

මෙම ඡායාරුවේ දකුණු පස සිටින වින්චෙන්සෝ මාස 14 කි සිරඳඩුවම විඳීමෙන් පසුව යුධහමුදාවට එක්වූයේ පළමු ලෝක යුද්ධයට සටන් කිරීම සඳහායි. 1925 ඔක්තෝබර් 08 වනදා තම 44 වන උපන් දිනය දිනයේම මෙලොව හැර ගිය වින්චෙන්සෝ “theft of the Mona Lisa” මොනාලිසාගේ හොරා ලෙස පසුකාලයේදී අතිශය ප්‍රසිද්ධ විය.

©හසිත හේරත්.

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker