Categories

Land Mark

මොන්රෝ | Monro

989views

2011 වසරේදී ඇමරිකාවේ චිකාගෝවේ උසාවි සංකීර්ණය අසලින් ඇවිදගිය ඕනෑම කෙනෙකු නැවතී නැරඹූ මන නන්දීය කාන්තා පිළිරුවක් තිබුනා. ඉතා ශුංඝාරාත්මක ඉරියවුවකින් ඉදිකොට තිබූ මේ පිළිරුව සැබෑම කාන්තා ලාලිත්‍යය ඉස්මතුවන ලෙස නිමකොට තිබුනා.එසේ ඉදිකොට තිබූ පිළිරුවේ නිරූපනය වූයේ 40-50 දශකයේ ලොව සුප්‍රසිද්ධතම නිළියක් , නිරූපණ ශිල්පිනියක් වූ මර්ලින් මොන්රෝගේ (Marilyn Monroe) සුප්‍රසිද්ධ ඉරියව්වකි.

 

The Seven-Year Itch චිත්‍රපටයේ ඉරියවුව

 

The Seven-Year Itch පෝස්ටරය

ඇමරිකානු ජාතික මූර්ති ශිල්පියෙකු වූ සෙවාඩ් ජොන්සන් ගේ කලා කෘතියක් වූ මෙය අඩි 26 ක් උස්වූ අතර බර කිලෝග්‍රෑම් 15,000 ක් විය.1955 දී නිර්මාණය නූ බිලී විල්ඩර්ගේ The Seven-Year Itch නම් චිත්‍රපටයෙහි ඇතුලත් වූ මොන්රෝගේ සුප්‍රසිද්ධ ඉරියවුව නිරූපණය වන ලෙස නිමැවූ මෙම පිළිරුව නිමකොට තිබුනේ 2011 වසරේදීයි.

චිකාගෝ උසාවි සංකීර්ණය අසල පිහිටා තිබූ මොන්රෝ පිළිරුව


වසර කිහිපයකු තුළ මෙම පිළිරුව ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ස්ථාන කිහිපයකදී නැවත නැවත සවිකරමින් ප්‍රදර්ශණය කොට තිබුණි. චිකාගෝ උසාවි සංකීර්ණය අසල මුල් වරට සවි කල මෙම පිළිරුව ගලවා ඉන්පසුව කැලිෆෝනියාවේ පාම් ස්ප්‍රිං හි(2012-2014 දක්වා) පසුව නිව් ජර්සි හි හැමිල්ටන් ටවුන්ශිප්හි ( 2014-2015 දක්වා) පසුව ඕස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ හිදීත් (2015-2016 දක්වා) සවි කොට තිබූ එය මේ වන විට සවිකොට තිබෙන්නේ ඇමරිකායේ කොනෙක්ටිකට් හි ස්ටැම්ෆෝර්ට් නගරයේය.

මූර්ති ශිල්පී සෙවාඩ් ජොන්සන්


විවිධ අවස්ථා වළදී නරඹන්නන් විසින් එයට කිහිප වරක්ම හානි කොට තිබුනද නැවත එය යථාතත්වයට පත්කොට පෙර පරිදිම පිරිසිදු කොට තබාගනු ලබන්නේ එම පිළිරුව අයිති ඇමරිකානු ආයතනයක් වන The Sculpture Foundation ආයතනයයි.මෙය නිර්මාණය කල සෙවාඩ් ජොන්සන් ඔබ අන්තර්ජාලයේ දැක ඇති බොහෝ සුප්‍රසිද්ධ චර්ත වල සුප්‍රසිද්ධ ඉරියවු නිර්මිත පිළිරූ වල පියාද වේ. සෙවාඩ් විසින් මේ මොන්රෝ පිළිරුව නම් කොට තිබෙන්නේ “Forever Marilyn” නමිනි.

හසිත හේරත් | Athirasa [ Land Mark ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker