Categories

Science & Technology

ඩබල් ඇක්ටින් | Moon

784views

ඩබල් ඇක්ටින් !!

එළඹෙන 2018 වසර තාරකා විද්‍යාවට අනුව බොහෝ ආකාශ ක්‍රියාකාරකම් දැකබලාගත හැකි වසරකි.ජනවාරි පළමුවැනිදා බුධ ග්‍රහයා හිරු උදාවන ලක්ෂයේ සිට අංශක 22.7 කින් දිස්වන අතර මෙය වළාකුළු රහිත අහසකදී “පියවි ඇසින්” දැන බලාගත හැක.

ඉන්පසු දෙවන වටිනාම අවස්ථාව උදාවන්නේ ජනවාරි දෙවනදාය.එනම් පුර සඳහෙි උපරිම අවස්ථාව වන “සුපර් මූන්” සඳක් උදාවීමය. පෘතිවියේ සිට කිලෝමීටර් 384,400 ක දුරකින් පිහිටා තිබෙන සඳ මෙවරද පෘතිවියට ආසන්නතම අවස්ථාවට(Lunar Perigee) ලඟාවේ. මේ නිසා සඳ වෙනදා ප්‍රමාණයට වඩා 14% කින් විශාලව පෙනෙන අතර 30% කිව් ආලෝකමත්ව පෙනේ. වෘකයින් කෑම සොයා එළිබහින පළමු රාත්‍රිය මෙය වන නිසා වසරේ පළමු සඳ පැරණි ඇමරිකානුවන් විසින් Wolf Moon නමින් හඳුන්වා තිබිණ.

ඔබ දන්නවා ඇති 2018 ජනවාරියේ පොහොය දෙකක් ඇති බව. එනම් තවත් පුර සඳක් ජනවාරියේ උදාවන බව. එම සංසිද්ධිය සිදුවන්නේ ජනවාරි 31 ක් වනදාය. පැරණි ඇමරිකානුවන් මෙම “දෙවන සඳ” නම් කොට ඇත්තේ Blue Moon නමිනි. සෑම වසර දෙකහමාරකට වරක්ම එක මසක් තුළ දෙවැනි සඳක් උදාවේ. එයට හේතුව සඳෙහි කක්ෂය ඉලිප්සාකාර වීමයි.බටහිර ඇමරිකාවට , හවායි දූපත් වලට හා නැගෙනහිර ආසියාවට මෙම සඳ පායා පැය කිහිපයක් තුල රතුපැහැයෙන් දිස්වීම ආරම්භ වනු ඇත. එයට හේතුව පෘතිවියේ සෙවනැල්ලේ මධ්‍යය සඳ මතට පතිත වීමයි.මෙය ඉහත කිවු ප්‍රදේශ වලට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වේ. 2018 වසරේදී පුර සඳ 13 වරක් දිස්වන අතර සඳ 14 වරක් පෘතිවියට ආසන්න වීමට(Lunar Perigee) නියමිතය.

මහා සඳ හා කුඩා සඳ

සඳේ ක්‍රියාතාරකම් පමණක් නොව 2018 වසර තුළ උල්කාපාත වර්ශා 11 ක් ද වසර තුල සිවු වරක් ඉර මුදුන් වීමටද නියමිතය (වෙනදාට වඩා වැඩි උෂ්ණත්වයක් පෘතිවියට දැනෙනු ඇත මේ පිළිඹඳ වෙනම ලිපියක් බලාපොරොත්තුවන්න)

හසිත හේරත් | Athirasa [ Science & Technology ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker