Categories

Life

අම්මාගේ ලියුම 2 | Letter From a Mother 2

1.24Kviews

මතකද මේ ලියුම ?

https://www.athirasa.lk/letter/

2017 අවුරුද්දේ අගෝස්තු 26 වනදා මේ ලියුම ලියපු කුසුමාවතී අම්මා ඊයේ(11) හිරියාල, පළුගොල්ල කුණ්ඩගල ආරණ්‍ය සේනාසනයේදී රාජාංගණයේ ධම්මදින්නා මෙහෙණෙන් වහන්සේ ලෙස මෙහෙණි සසුණට ඇතුළත් වුනේ තමන්ගේ පුතා සිදුකරපු මිනීමැරුමෙන් ඇතිවූ චිත්ත සන්තාපය දරාගන්න බැරිම තැන. අවස්ථාවක් දුනහොත් තමාගේ කුසින් වැදූ පුතා අතින් මිය ගිය දියණියගේ නිවසටම වැඩම කර එම මියගිය දියණියට පින් අනුමෝදන් කිරීමේ ධර්ම දේශනාවක් කිරීමට විශාල බලාපොරොත්තුවක් ඇති බවද මෙහෙණින් වහන්සේ ප්‍රකාශ කර තිබුණා. එසේම අනන්ත අප්‍රමාණ වූ දුක් කම්කටොළුවලින් පිරි මේ සංසාරයෙන් එතෙර වීමට අධිෂ්ඨාන කරගෙන ජීවිතයේ ඉතිරි කාලය භාවනායෝගීව වැඩ වාසය කරන බවත් ගිහි ජීවිතය අතහැර දැමීමට හේතුව මධුෂාණි දියණියගේ දුක්ඛිත මරණය බවත් ධම්මදින්නා මෙහෙණෙන් වහන්සේ පැවසූවා.


Athirasa | [ Life ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker