අජානීය ස්කූටර | Motor Bike
අජානීය ස්කූටර
මීට වසර 132 පෙර 1885 නොවැම්බර් 10 වැනිදා ජර්මන් ජාතික පෝල් ඩේම්ලර්(වම්පස ලොකු පින්තූරය) විසින් ලොව පළමු සැබෑ මෝටර් බයිසිකලය පළමු වරට ධාවනය කළේය.මෙය කිලෝමීටර් 5.5 ක් පමණ වූ කෙටි ධාවනයකි. මෙම රථය නිපදවීමේ ගෞරවය හිමිවන්නේ පෝල් ඩේම්ලර්ගේ පියා වූ ගොට්ලිබ් ඩේම්ලර් මහතාට(කුඩා පින්තූර දෙකන් වම් පස පින්තූරය) සහ ඔහුගේ මිතුරා වූ විල්හෙම් මේබැජ් මහතාටයි(කුඩා පින්තූර දෙකන් දකුණු පස පින්තූරය).
ඔවුන් දෙදෙනා බොහෝ කල් සිට ඉන්ධන සහිත මෝටරයකින් ක්‍රියාත්මක කල හැකි යන්ත්‍රයක් වෙනුවෙන් බොහෝ කල් සිට පරීක්ෂණ පැවැත්වීය. එනමුඳු ඔවුන්ට නියමිත සැලැස්ම නිමා කරගැනීමට අවස්ථාව උදාවූයේ 1885 දීය.පෙණුමෙන් දැති රෝද ගොඩක් බඳුවූ මෙම රථයට ඔවුන් the grandfather clock ලෙස අන්වර්ථ නාමයක්ද යෙදූහ.පෙට්‍රල් වලින් ධාවනය වන ලෙස සකස් කොට තිබූ මෙය සම්පූරණයෙන්ම ලීයෙන් නිපදවූ රථයක් විය.අශ්ව බල 0.5 ක් වූ මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 11ක් පමණි.පසුපස රෝදයට පමණක් තිරිංග යොදා තිබුනු අතර කම්පන උරාගැනීම සඳහා Shock ab sobers යොදා තිබුනේ නැත.ගොට්ලිබ් ඩේම්ලර් සුප්‍රසිද්ධි බෙන්ස් සමාගමේ නිර්මාතෘවරයායි.
©හසිත හේරත්.