Categories

Land MarkWorld

නාවුරු | Nauru

1.16Kviews

1798 දී බ්‍රිතාන්‍ය දේශාටකයෙකු විසින් සොයාගත් මෙම දූපත ලොව ඇති කුඩාම “දූපත් රටයි“. දෙවන ලෝක සංග්‍රාමය සමයේ ජර්මනිය යටතේ තිබූ මෙම කුඩා දේශයේ ජපාන යුධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට තිබුනා. මෙම රටෙහි මුලු ගොඩබිම් වර්ගඵලය වර්ගකිලෝමීටර් 21ක් වන අතර සම්පූර්ණ ජනගහනය 11,000 කට ආසන්න වේ. මෙම දූපත පිහිටා ඇත්තේ විශාල පොස්ෆේට් නිධියක් මතවීම නිසා ප්‍රධාන වශයෙන් පොස්ෆේට් කැනීම් කටයුතු මෙහි සිදුවේ. නාවුරුවන් නම් භාශාව ප්‍රධාන වන මෙහි ඉංග්‍රීසි බස දෙවන බස වේ. මුදල් ඒකකය ඕස්ට්‍රේලියන් ඩොලර් වේ. එක් ගුවන් තොටුපලක් ඇති මෙහි එක් දුම්රිය මාර්ගයක්ද ඇත. දුම්රිය මග මගී ප්‍රවාහනයට නොවේ. දූපත මධ්‍යයේ ඇති පොස්ෆේස් පස් වෙරළට ගෙන ඒම සඳහායි. කලකදී මෙහි දළ දේශීය ආදාම දෙවැනි වූයේ සවුදි අරාබියට පමණි. මෙහි ඇති පොස්ෆේට් වෙළඳාම එයට හේතුවයි. ලොව අගනගරයක් නැති එකම දේශය වන්නේ නාවුරු දේශයයි (නිළ වශයෙන් නම් නොකලත් මෙහ දූපතේ වැඩිම ජනගහනයන් ජීවත් වන “යරේන්“ ප්‍රදේශය නාම මාත්‍රිකව අගනගරය වශයෙන් නම් කොටගෙන ඇත)

හසිත හේරත් | Athirasa [ World ]

නාවුරු දේශයේ ධජය

 

නාවුරු දේශයේ පිහිටීම

 

දූපක ඈතට පෙනෙන අයුරු

 

පොස්පේට් නිධිය

 

යාරින් නගරය
Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker