Categories

Health

සිරිසැප දෙන දුම්පානය | No Smoking

1.02Kviews

සිරිසැප දෙන දුම්පානය.

● මේවන විට ලෝකයේ දුම්කොළ භාවිතා කරන්නන් බිලියන 1.1 කි පමණ සිටී.තවත් අවුරුදු 20 ක් තුල එය බිලියන 1.6 දක්වා වැඩිවනු ඇත.

● දුම්කොළ භාවිතය නිසා සෑම තත්පර 6කට වරක්ම ලොව පුද්ගලයකු මිය යයි. එය මිනිත්තුවකට 10 කි. පැයට 600 කි. දිනකට 14400 කි. වසරකට මිය යන ප්‍රමාණය 5256000 කි.

● 20 වන සියවසේදී (1900 – 1999) දුම්කොළ භාවිතය නිසා පුද්ගලයින් මිලියන 100 ට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇත.ක්‍රියා මාර්ගයක් නොගත හොත් මේ සියවසේදී මියයා හැකි ප්‍රමාණය බිලියන 1 දන්වා ඉහළ යා හැක.

● දුම්කොළ පිළිස්සී එන දුමෙහි විෂ රසායන වර්ග 4,000 ක් පමණ අන්තර්ගතය.එයින් 43 ක්ම පිළිකාකාරක වේ.400ක් පමණ අධික විශද්‍රව්‍ය වේ.නිකොටීන් , තාර , කාබන් මොනොක්සයිඩි,‍ෆෝමල්හයිඩ් , ඇමෝනියා, හයිඩ්‍රිජන් සයනයිඩ් , ආසනික් ‍, කැඩ්මියම් , බෙන්සීන් , නිකල් , බියුටේන් , නැප්තලීන් , පොලෝනියම් අතර ප්‍රධාන තැනක් ගනී.

● දුම්කොළ භාවිතය වැඩි වශයෙන්ම සිදුවන්නේ සිගරට් මාරගයෙනි.සිගරට පානය කිරීම නිසා පෙනහළු පිළිකා , හෘදයාබාධ , මොළයේ ආඝාත , ඇදුම , කාන්තාවන්ට මළදරු උපත් , ආබාධිත දරු උපත් , දියවැඩියාව , අන්ධ බව හා තවත් රෝගාබාද ගණනාවක් ඇතිවේ.

● 2014 වසරේදී දුම්කොළ නිසා ලෝකයේ සෑම තැනින්ම උපයා තිබූ මුදල් වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 745 කි.එය මේ වන විට තවත් වැඩිවෙමින් පවතී.

● අක්‍රීය දුම්පානය නිසා වසරකට ලොව පුරා මියයන ප්‍රමාණය 600,000 කට වැඩිය.ඉයින් තුනෙන් එකක් ළමුන්ය (200,000)

● 1990 සිට 2009 දක්වා කාලය තුල බටහිර යුරෝපා රටවල සිගරට් භාවිතය 26% කින් පහත වැටී ඇති අතර , ආසියානු ,අප්‍රිකානු හා මැදපෙරදිග රටවල 57% කින් ඉහළ නැග තිබේ.

● චීනය වසරකට දුම්කොළ මෙට්‍රික් ටොන් 3.15 ක අස්වැන්නක් නෙළාගනු ලබන අතර එය දුම්කොළ අස්වැන්න නෙළන රටවල් අතරනි පළමු තැන ගනී.සිගරට් නිෂ්පාදනය අතින්ද පළමු ස්ථානයේ සිටින්නේ චීනයයි.චීනය 2016 වසර තුළදී පමණක් නිපදවා ඇති සිගරට් කූරු ප්‍රමාණය බිලියන 2,351 ක් පමණ වේ.එයින් ඔවුන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 206.3 කි(ලෝක බැංකුවට අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 84.023 කි)

● ප්‍රසිද්ධියේ සහ පොදු ස්ථානවල දුම්පානය තහනම් කල ලොව පළමු රට වන්නේ භූතානයයි.ඒ 2004 දීය.මෙය 2010 වන විට තවත් දැඩි කල අතර ප්‍රසිද්ධියේ හෝ පොදු ස්ථානය දුම්පානය කොට අසුවුවහොත් වසර 5ක සිර දඬුවක් නියම කරන්නට නීති සැකසුනි.ඉන් පසු කොස්ටරීකාව , කොළොම්බියාව , උරුගුවේ හා මලයාසියා යන රටවල් එම තහනම දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලදි.

හසිත හේරත් | Athirasa [ Health ]

 

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker