“හැම කෙනෙක්ම ඔබ දෙස බලා සිටිනවා” – ඉන්ද්‍රා ක්‍රිෂ්ණමූර්ති නූයි
පෙප්සිකෝලා, කොකාකෝලා තරම්ම ලොව පුරා ජනප්‍රිය පානයක්. මේ තරම්ම ජනප්‍රිය පෙප්සි කෝලා සමාගමේ සභාපති ධූරය හා ප්‍රධාන විධායක නිළධාරිනී තනතුර දැරුවේ කවුරු කියලද ඔබ හිතන්නේ ?
ඔව් ඇය කාන්තාවක්. ඉන්දියානු සම්භවයක් සහිතව ඇමෙරිකානු ජාතික ඉන්ද්‍රා ක්‍රිෂ්ණමූර්ති නූයි වසර 12 ක් එම තනතුර දැරුවා. මේ වන විට ඇය 62 වෙනි වියේ පසුවෙනවා. ඉතා අනර්ඝ සේවා කාලයක් නිම කර දැන් ඇය විශ්‍රාම යන්නයි සූදානම. ලෝකයේ බලවත්ම කාන්තා චරිත අතර ඇය නිරතුරුවම ශ්‍රේණිගත වුණා. 2014 වසරේදි Forbes සඟරාවේ ලොව බලවත්ම කාන්තාවන් අතරින් 13 වන ස්ථානය ඇයට හිමි වුණා. 2015 වසරේදි Fortune සඟරාවේ ලොව බලවත්ම කාන්තා චරිත අතර 2වන ස්ථානය ඇය හිමිකරගත්තා. ඒ වගේම 2018 වසරේදි ඇය ප්‍රථම කාන්තා ස්වාධීන අධ්‍යක්ෂකවරිය ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා. ඒ මේ වසරේ ජුනි මාසයේදි.
නූයි ඉපදුනේ 1955 ඔක්තෝබර් 28 වෙනිදා ඉන්දියාවේ චෙන්නායි වල. ඇය මැඩ්‍රාස් ක්‍රිස්තියානි පාසලෙන් ගණිතය, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව හැදෑරුවා. පසුව කළමණාකරණ පශ්චාත් උපාධිය ලබාගත් ඇය සිය වෘත්තිය දිවිය ඉන්දියාවෙන් ආරම්භ කළා. ඒ නිෂ්පාදන කළමණාකාරිනියක් ලෙස Johnson and Johnson සමාගමේ. ඒ වගේම ඇය විශාරද උපාධියත් හැදෑරුවා. ඒත් කළමණාකරණ කේෂ්ත්‍රයෙන්මයි. නූයි පෙප්සිකෝලා සමාගමට එකතු වෙන්නේ 1994 වසරෙදි. 2001 වසර වන විට ඇය එහි ප්‍රධාන මූල්‍ය නිළධාරි තනතුරට පත්වෙනවා. වැඩිකල් නොගොස්ම ඇය 2006 වසරේදි එම සමාගමේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිළධාරිනි තනතුරට පත්වෙනවා. එතැන් පටන් අද දක්වා වසර 12ක කාලයක් ඇය එම තනතුර දරනවා.
නූයි විවිධ සම්මාන වර්ග 6කින් වසර 8ක් ආයතන 11කින් සම්මානයට පාත්‍ර වෙනවා. 2011 වසරේදි ඇය ගෞරවාචාර්යය උපාධි තුනකින් පිදුම් ලැබුවා. නූයි විවාහකයි. ඇය දියණියන් දෙදෙනෙකුට මවක් වෙනවා. “වරප්‍රසාද සහ දීමනා වලට ඔබේ හිස තුළට ඇතුල්වීමට ඉඩ තියන්න එපා. ඔබේ දෙපා තදින් පොළවේ පිහිටුවා ගන්න. තමන් කරන රැකියාවේ වගකීම් වලට අවධානය යොමු කරන්න. මෙතෙක් මම කළා වගේ “ 2011 වසරේදි නූයි බී.බී.සී. පුවත් සේවාව හා පවසා තිබෙනවා.
නදීශානි බණ්ඩාර දොඩංගොල්ල | Athirasa [ World / Idol ]