Categories

Idol

ප්‍රේමය

471views

ලෝකයේ විවිධ ප්‍රේමකථා තිබේ.ඒ අතරින් බොහෝ ප්‍රේම කතා අසුන්දර වේ.තවත් ඒවා සුන්දර වේ.එකිනෙකාගේ නොගැලපීම්, සිතින් මවාගත් වැරදි , එකිනෙකාව නිවැරදිව තේරුම් නොගැනීම් හා භෞතික සාධක නිසා වෙන්වී යන පෙම්වතුන් , පෙම්වතියන් වෙි.ආදරය යනු කුමක්දැයි තේරුම් ගත්තවුන් මේ ලොව බොහෝ අල්ප වේ.

උසින් ඉතා අඩු කුරු යුවලක් වූ 30 හැවිරිදි බ්‍රසීල ජාතික තරුණයකු වූ පෝලෝ ගේබ්‍රියල් ද සිල්වා(උස අඟල් 35.2) හා බ්‍රසීල ජාතික තරුණියක වූ 27 හැවිරිදි කැටුයුශීයා හොෂීනෝ(උස අඟල් 34.8) තම ප්‍රේමය මෙසේ විවාහය දක්වාම රැගෙන ආවා. ඔවුන් දෙදෙනා විවාහ වීමෙන් පසුව බ්‍රසීලයේ සිට එංගලන්තයට පැමිණියේ අති විශේෂ කාරණාවකටයි.විවාහය වෙනුවෙන් අමිල ත්‍යාගයක් ඔවුන්ට එහිදී හමුවුනා.ඒ “ලොව උසින් අඩුම විවාහ යුවළ“ ලෙසින් නම් වූ ගිනස් වාර්ථාවයි. 2016 දී තැබූ එම ලෝක වාර්ථාව බිඳ හෙළීමට තවමත් ලොව කිසිම කුරු යුවළක් සමත් වී නැහැ.ලෝක වාර්ථාවකින් පවා අවසන් වූ මොවුන්ගේ ප්‍රේම කථාව ආරම්භ වී තිබුනේ ෆේස් බුක් සමාජ ජාලයහ හරහා හඳුනා ගැනීමෙනි.මොවුන් දෙදෙනාගේ “ෆේස්බුක් ප්‍රේමය පමණක්“ අවුරුදු 8 ක් තිස්සේ ගලාගෙන ගොස් තිබුනා.

©හසිත හේරත්.

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker