Categories

Kitchen

OnePot Chicken Chow Mein

1Kviews

හැමදාම එකම විදියට කන මැගී එකට පොඩි වෙනසක් කරමුද? හරි එහෙනම් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මැගී නූඩ්ල්ස් පැකට් දෙකක්
  • සෝයා සෝස් කෝප්ප 1/3
  • තක්කාලි සෝස් මේස හැඳි 1
  • කෑලි මිරිස් තේ හැඳි 1
  • ගම්මිරිස් තේ හැඳි 1/2
  • තලාගත් ඉඟුරු මේස හැඳි 1
  • තලාගත් සුදුළුෑණු මේස හැඳි 1
  • ඔලිව් තෙල් මේස හැඳි 1/තල තෙල් මේස හැඳි 1
  • සීනි මේස හැඳි 1
  • කුඩා කැබලි ලෙස කපාගත් කටු රහිත කුකුළ් මස්  500g
  • කැරට්/බෝංචි/ගෝවා

එහෙනම් පටන් ගමු;

  1. භාජනයක් අරන් සෝයා සෝස්, තලාගත්ත ඉඟුරු, සුදුළුෑණු, තක්කාලි සෝස්, තල තෙල් හෝ ඔලිව් තෙල්, කෑලි මිරිස්, ගම්මිරිස්, සීනි දාලා හොඳට කවලම් කරගන්න.
  2. ඊට පස්සේ කපාගත්ත කුකුළ් මස් කෑලි ටික අරන් සිප් බෑග් එකකට හරි භාජනේකට හරි දාලා ඒකට හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් දාලා හොඳට කවලම් කරන්න.

හරි දැන් ඒක ශීතකරණයේ දාලා පැයක් විතර තියන්න.

  1. ඒක පදම් වෙනකල් කැරට්, බෝංචි, ගෝවා කපා ගන්න.
  2. හරි දැන් භාජනයක් ලිපේ තියලා පදම් වුණු මස් ටික බැඳගන්න. මේකට තෙල් දාන්න ඕන නෑ. මස් ටික පදම් වුණ මිශ්‍රණේ තෙල් තියෙනවා.

5.බැඳගත්ත මස් ටික වෙන භාජනේකට දාලා ඒ භාජනේටම තල තෙල් හරි ඔලිව් තෙල් හරි ටිකක් දාගන්න.

  1. තෙල් රත් වෙද්දි කපාගත්ත කැරට්, බෝංචි, ගෝවා එකතු කරන් හොඳට කවලම් කරගන්න.
  2. ඊට පස්සේ මැගී නූඩ්ල්ස් පැකට් දෙක කඩලා නුඩ්ල්ස් දෙක අරන් ඒකට දාන්න. රස කාරකය දාන්න එපා. ඒක අයින් කරන්න. සුප් කැටයක් වතුරේ දිය කරන් ඒ වතුර ටික දාලා එළවළුයි නූඩ්ල්ස් ටිකයි තැම්බෙන්න තියන්න.
  3. ඒ ටික තැම්බුණාට පස්සේ අර බැඳගත්ත මස් ටිකයි අර අපි කලින්ම හදාගත්ත සෝස් මිශ්‍රණෙයි දාලා හොඳට කවලම් කරගන්න.

*** මේකට අපි ලුණු නම් පාවිච්චි කරලම නෑ.

නදීශානී බණ්ඩාර දොඩංගොල්ල | Athirasa [ Kitchen ]