Categories

Science & Technology

වියන | Ozone Layer

679views

වියන.

අප නොසිතන්නේ අප සිතිය යුතු දේමය.අප ජීවත්වන මේ මහ පොළව අද ඊයේ මැවුනක් නොව.නොයෙක්වර විශ්වයේ නොයෙක් හිංසා පීඩාවලට ලක්වෙමින් ජීවය ප්‍රාණය ඇකයේ තබා තවමත් වැජෙඹෙන්නට මනා ලෙස සැකසුන මහා මාතෘ වස්තුවකි.

අප නොසිතුවාට අපට හොරා අපව රකිනා මහා යෝධයෙක් මේ ලොවට ඉහළින් රැඳී සිටියි.ඒ අප කවුරුත් දන්නා ඕසෝන් වියනයි.පොළවේ සිට කිලෝමීටර් 10 ත් 20 ත් අතර අවකාශයේ පිහිටා තිබෙන මෙය ඇසට නොපෙනුනනත් තවමත් අපව රකිමින් සිටී. එහෙත් මිනිසාගේම නොයෙකුත් නොහොඹිනාකම් වලින් එය විනාශවෙමින් පවතී.ඇන්ටාර්ක්ටිකාවට ඉහළින් ඒ හා සමාන ඕසෝන් සිදුරක් මේ වනවිටත් සැකසී ඇති බව ඔබ දන්නවාද. හිරු කිරණින් හා විවිධ විශ්වීය කිරණ වලින් මිනිසාට සිදුවිය අනතුරුවලින් පිරි අනාගතයක් හිමි බව ඔබ දන්නවාද

ඉතිං අපත් අපගේ මිහිමව රැකගතයුතු නොවෙිද ?? ඇගේ මතම සිටිමින් අප ඇයට කෙතරම් නුගුණ කරනවාද. දැනගනිමු ඇය දැනටත් අපහසුවෙන් හෝ අපව රකිමින් සිටින බව.

ලොකු කම්, පොඩි කම් පසෙක දමා අපගේ මහපොළව රැකගැනුමට එක්වෙමු.

සැප්තැම්බර් 16 ලෝක ඕසෝන් වියන සුරැකීමේ දිනයයි !!

හසිත හේරත් | Athirasa [ Science & Technology ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker