Categories

History

යෝධයාට නමක් | Pacific Ocean

827views

පෘතුගීසි දේශාටකයෙකු වූ “ෆර්ඩිනැන්ඩන් මැගලන්“ 1519 වර්ශයේ ඇරඹූ තම නව ලොව සොයා යෑමේ ලෝක චාරිකාව ගමන් කරන අතරතුර අද වැනි දිනකදී ( 1520 නොවැම්බර් 28 ) දකුණු ඇමරිකා මහද්වීපයේ දැන් Straits of Magellan ( මැගලන් සමුද්‍රසංධිය) නමින් නම් කොට ඇති මුහුදු හන්දිය හරහා මහා සාගරයකට ඇතුළු වුනා.

කුළුබඩු සහිත දූපත් සොයමින් ඔහු මාස හතරක් තිස්සේ එකදිගටම මහා දියඹක් පසුකරමින් දැන් පිලිපීනය නමින් නම් කොට ඇති ගොඩබිමට ලඟාවුනා. අඩුම තරමේ ඔහුට හා ඔහුගේ සහචරයින්ට මෙම සාගරය කෙතරම් විශාලදැයි හෝ අවබෝධයක් තිබුනේ නැහැ.

සාමකාමී ලෙස පැවති මෙම සාගයර පසුකරමින් පැමිණි මෙම මහා මුහුදු කලාපයට ඔහු විසින් ” Peaceful Ocean “ යන තේරුම ඇති පෘතුගීසී නාමය වන “Mar Pacifico ” යන නම ලබා දුන්නා. පසුකලකදී මෙම “මුහුද“ Pacific Ocean – පැසිෆික් සාගරය ලෙස භාවිතාවට එක්වූවා.කෙසේ වුවත් පිලිපීනයට ඇතුල්වී මසක් තුලදී 1521 අප්‍රේල් 27 වනදා ඔහු එම රටේ ස්වදේශිකයින්ගේ ප්‍රහාරයට ලක්ව මරමුවට පත්වුනා.

©හසිත හේරත්

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker