Categories

History

සිතාබලා පැනීම | Story Of Parachute

413views

සිතාබලා පැනීම..

වතුරට බහිනවා නම් හදිසියකදී පීනන්න පුරුදුවෙලා ඉන්න ඕන කිවුවාට අහසේ යනකොට හදිසියකදී පියාඹන්න පුරුදුවෙන්න කියන්නේ කොහොමද ? ඒත් අහසේදී වුවත් හදිසි අවස්ථාවකදී ක්ෂණයෙන් පොළවට නොවැටී බේරෙන්න අප අපට පුළුවන් වෙලා තියෙනවා මෙන්න මේ කවුරුත් දන්නා පැරෂූටය නිසා.පිටේ ඔතාගෙන ගිහින් අඩි ගානක් ඉහළ අහසේදී ගුවන් යානාවකින් එළියට පැනලා මහ හුළගේ පාවි පාවි පැරෂූටයකින් නැවත පොළොවේ පය ගහන මිනිස්සුන්ලේ පපුව කොච්චර කලබල ඇතිද කියලා හිතන්න පුළුවන්ද !!

මීට වසර 4000 කට පමණ පෙරදී චීනයේදී පැරෂූටය පිළබඳ සඳහන් වුවත් වර්ථමාන පැරෂූටය පිළිඹඳ පළමු සාර්ථක අදහස ඉදිරිපත් කලේ 14 වන සියවලේ බිහිවූ මහා ප්‍රාඥයෙකු වූ ලියනාඩෝ ඩාවින්චි විසිනි. ඒ අනුව යමින් 1783දී පළමු පැරශූටය නිපදවූයේ ප්‍රංශ ජාතික ලොයිස් සෙබස්තියන් ලෙනොමන් විසිනි. අඩි 14 ක විශ්කම්භයකින් යුතු අප භාවිතා කරන කුඩයක ආකාරයට නිපදවූ මෙම පැරෂූටය ආධාරයෙන් ඔහු තට්ටු තුනක් උස ගොඩනැගිල්ලකින් බිමට පනින ලදි.තත්පර කිහිපයකට පසු ඔහු ආරක්ෂාකාරීව බිමට පතිත වූ නමුත් එම පැරෂූටය ඉතාම අනාරක්ෂිත බව ඔහුට පසක් විය.

පසුව 1797 දී ප්‍රංශ ජාතික ඇන්ඩෘ ජේකස් ගාර්නරීන් විසිනි පළමු සාර්ථක පැරෂූට් පිම්ම ලබාගත් අතර ඔහු ලොව පළමු පැරෂූට් පිම්ම ලබාගත් පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වේ.ඒ වන විට සොයාගෙන තිබූ වායුබැලූනයක ආධාරයෙන් අඩි 3200ක් ඉහළට ගොස් එයටය සම්බනධ කොට තිබූ පැරෂූටයක් මගින් ඔහු විනාඩි කිහිපයක් තුළදී නිරුපද්‍රිතව පොළවට පය තැබීය.ඔහුගේ පැරෂූටය අඩි 17ක විශ්කම්භයක් සහිත රෙද්දකින් මසා තිබූ අතර එහි පහළ ඔහුට රැඳී සිටීමට කුඩා බකට්ටුවක්ද විය.1799 දී ඔහුගේම බිරිඳ වූ ජෙනී ජෙනිවීවි මෙම ආකාරයටම අඩි 3200 දී පැරෂූට් පිම්මක් පැන්න අතර පැරෂූට් පිම්මක් පැන්න ලොව පළමු කාන්තාව වශයෙන් ඉතිහාසගත විය.1802 ඇන්ඩෘ විසින්ම තම පළමු පිම්මට වඩා උස පිම්මක් එංගලන්ත ප්‍රදර්ශණයකදී පැන්න අතර එහි උස ප්‍රමාණය අඩි 8000කි.එහෙත් 1823 නව පැරෂූටයක පරීක්ෂණ පිම්මකදී සිදුවූ හදිසි අනතුරකදී ඔහු ජීවිතක්ෂයට පත්විය.

චාර්ල්ස් බෝර්ඩ්වික් , සොලමන් ලී වැන් , ලෙස්ලි අර්වන් , ඇල්බර්ට් ලියෝ සහ ග්ලෙබ් කොටෙල්නිකෝ එකතුව 1900 දී පිටෙහි බෑගයක් තුළ රැඳවූ ලොව පළමු පැරෂූටය ලොවට දායාද කරන ලදි.එය අහසේදී අසුවන තද සුළඟට විවෘතවීමට හැකිවන ලෙස පහළට ඇදිය යුතු තනි වයරකියන් රඳවා තිබිණ.මෙම පැරෂූට් වැඩි වශයෙන්ම පළමු හා දෙවන ලෝක යුධ සමයන්වලදී සොල්දාදුවන් තම සතුරු රටවලට පතිත කිරීම සඳහා යොදාගැනුනු අතර යුධ උපකරණ පවා අහසේ සිට පැරෂූට් ආධාරයෙන් පොළවට පතිත කරන ලදි.

අදවන විට යුධ මෙහෙයුම් වලදී සොල්දාදුවන් මෙන්ම අධික බරැති යුධ වාහන පවා විශාල පැරෂූට් ආධාරයෙන් පොළවට පතිත කරයි.තවද යුධ ගුවන් යානා ගුවනේ සිට පොළවට පැමිණි පසු ඉක්මනින් නවතා ගැනීමට පැරෂූට් බාධක යොදාගනී.එමෙන්ම ලොව විශාලතම පැරෂූට් නිපදවා පතිත කිරීම් වලට යොදාගන්නේ නාසා ආයතනයයි. රොකට් උපකරණ , චන්ද්‍රිකාෂටල් හා රොකට් විදිනයන් මෙසේ පැරෂූට් ආධාරයෙන් භූමිගත කරයි.

ක්‍රීඩාවක් ලෙස අහසේ පිහිනීම (sky diving ) ප්‍රචලිත වී ඇති අතර එහිනී නිදහස් පිම්මකින් පසුව පොළවට පතිත වන්නේ පැරෂූටය ආධාරයෙනි.පැරෂූටය කෙතරම් ආරක්ෂාකාරී වුවත් පොළවට පතිත වීමේදී නිවැරදි විධි අනුගමනය නොකලහොත් තම ජීවිතය බොහෝ අවධානම් අඩියකට වැටෙනු ඇත(වැරදි පතිත වීමකදී සිරුරට සිදුවිය හැකි හානිවීම් සඳහා ප්‍රස්ථාරය බලන්න).බොහෝ ගුවන් සෙබලුන් අද වන විට තම ආරක්ෂාව සඳහා පැරෂූටය භාවිතා කිරීම බොහෝ විට සිදුවේ.ඩාවින්චිගේ අදහස අදවන විට මල්පල ගැන්වී ඇති අතර අනාගත ලෝකයේදී මෙය තවදුරටත් දියුණු වී මිනිසාගේම ක්‍රියාවලීන් සඳහා යෙදවෙනු ඇත.

©හසිත හේරත්.

 

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker