වයර්ලස් | Long Wave Radio Signal
වයර්ලස් !!
මීට වසර 116 ට පෙර 1901 වසරේ අදවැනි දෙසැම්බර් 12 දිනකදී ගුග්ලිල්මෝ මාර්කෝනි(වම) හා ඔහුගේ සහායක වූ ජෝජ් කෙම්ප්(දකුණ) විසින් ලොව පළමු “දිගුදුර” රේඩියෝ සංඥාව එංගලන්තයේ කෝර්න්වොල් සිට ඉතා සාර්ථකව ගුවන් ගත කොට අත්ලාන්තික් සාගරට හරහා ගමන් කරවා නිවුෆවුන්ඩ්ලන්තයේදී ඉතා සාර්ථකව නැවත ග්‍රහණය කරගන්නා ලදි(කුඩා සිතියම) .
මාකෝනි ඉංග්‍රීස් හෝඩියේ S අක්ෂරය මෝස්කේතයක් ආකාරයෙන් පරිවර්ථනය කොට මෙලෙස ගුවන් ගත කලේ කෝර්න්වොල් හි ඇටවූ අඩි 200 ක් පමණ උසැති අධිබල ඇන්ටනාවක් මගිනි. කිලෝමීටර් 3,555 ක් ගෙවා මෙම සංඥාව නිවුෆවුන්ඩ්ලන්තයේ රේඩියෝ ග්‍රාහකය වෙල ලඟාවීමට ගතවූයේ ඉතාමත් සුළු කාලයකි. පෘතුවියේ අයණගෝලය භාවිතා කරමින් එක් ස්ථානයක සිට තවත් ඉතාදුර ස්ථානයකට සංඥා යොමුකිරීමට හැකිබව සොයාගැනීමත් සමඟම මිනිස් ඉතිහාසයේ අලුත් තාක්ෂණික පිටුවක් පෙරළෙන්නට විය.
රේඩියෝ සංඥා සොයාගැනීමෙහිලා මුල්වූ ඉතාලි ජාතික ගුග්ලිල්මෝ මාර්කෝනි 1909 දී භෞතික විද්‍යාව උදෙසා වූ නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූවේය.1874 අප්‍රේල් 25 ඉතාලියේදී උපත ලබා 1937 ජූලි 20 වැනිදා මෙළොවින් සමුගත් මාකෝනිගේ මේ අරුම පුදුම සොයාගැනීම මානව සංහතිය හා මෙලොව උඩුයටිකුරු කල සොයාගැනීමක් විය.අද වන විට අයණ ගෝලය භාවිත කරමින් ලොව තුල හුවමාරු වන රේඩියෝ සංඥා ප්‍රමාණය මෙතැකැයි කියා කාට නම් කිව හැකිද !!
©හසිත හේරත්