Categories

History

වෑර්ලස් | 1st Radio Broadcaster Of The World

646views

රේඩියෝ උපත.

මානව ඉතිහාසය උඩුයටිකුරු කරමින් ඉතාලි ජාතික ගුග්ලිල්මෝ මාර්කෝනි විසින් රැහැන් රහිත රේඩියෝ සන්නිවේදන තාක්ෂණය සොයාගැනීමෙන් අනතුරුව ලෝකය ඉතා වේගයෙන් කුඩා වන්නට පටන්ගෙන තිබිණි. පෘතුවියේ අයණ ගෝලය නම් ගෝලයක් ඇති බවත් එය ප්‍රයෝජනයට ගෙන විද්‍යුත් සංඥා ඉතා ඈතට ගෙන යා හැති බවත් මෙහිදී සොයාගන තිබිණි.

මෙම සොයාගැනීමෙන් පසු ලොව තුල ඉතා වේගයන් රේඩියෝ තාක්ෂණය දියුණු වන්නට පටන්ගත් අතර නව රේඩියෝවේ මානයන් බිහිවන්නට පටන් ගෙන තිබිණි. පළමු දිගුදුර රේඩියෝ සංඥාව 1901 දී සාර්ථකව ගුවන් ගතකොට සාර්ථකව ග්‍රහණය කරගැනීමෙන් අවුරුදු 19 කට පසු 1920 වසරේදී ලොව පළමු ගුවන් විදුලි මධ්‍යස්ථානය ඇරඹුනු අතර 1921 දී නිළ වශයෙන් විකාශ කටයුතු ආරම්භ කරන ලදි.

KDKA නමින් නැගනහිර ඇමරිකානු ප්‍රාන්තයක් වූ පෙන්සිල්වේනියාවේ බටහිර පීටර්ස්බර්ගයේදී ආරම්භ වන මෙම ගුවන් විදුලි මධ්‍යස්ථානයේ පළමු ට්‍රාන්ස්මීටරයේ ජවය වොට් 50,000 ක් පමණ විය.එය ඇමරිකා එක්සත් ජනපදයෙන් විශාල පෙදෙසක් ආවරණය කරන ලදි. විස්ථාර මූර්ජණය(Amplitude Modulation – AM) භාවිතා කරමින් තම විකාශන කටයුතු සිදුකරන්නට කටයුතු යොදා තිබුනු අතර AM 1020 මීටරය ඔස්සේ දිවා කාලයේදී පමණක් එදිනෙදා පුවත් , තොරතුරු හා කාලීන සිදුවීම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශණය කර තිබුනි. “Pioneer Broadcasting Station of the World” නමින් ඇරඹි මෙම KDKA රේඩියෝ මධ්‍යස්ථානය මේ වන විටද තම විකාශ කටයුතු සංඛ්‍යාත මූර්ජණය(Frequency Modulation-FM) ඔස්සේ සිදුකරමින් සිටී.

2016 අග භාගය වන විට ලෝකය පුරා රේඩියෝ මධ්‍යස්ථාන 50,000 කට ආසන්න ප්‍රමාණයක් ඇතිවී තිබුනත් මීට වසර 96 කට පෙර ඇරඹුනු ලොව පළමු රේඩියෝ මධ්‍යස්ථානය වූ KDKA නාලිකාව ඉතිහාසගතවී තිබේ.

©හසිත හේරත්

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker