තල්ලුව | Reverse Thrust
ඔබ දන්නවා ගුවන් යානාවක් යනු ඉතාමත් සංකීර්ණ පද්ධතියක් බව. වායූ පීඩන මූලධර්ම උපයෝගී කරගනිමින් ඇන්ජින් වලින් ලැබෙන නියමිත වේගය හා තල්ලුව උපයෝගී කරගනිමින් ගුවන් ගත වන ගුවන් යානාවක සාමාන්‍ය උපරිම වේගය පැයට කිලෝමීටර් 600-700ත් අතර වේ. මෙවැනි වේගයක් පවත්වා ගනිමින් ගුවනේ පැවති යානාව නැවත පොළවට පතිත කිරීමේදී එය නවත්වා ගැනීමට ක්‍රමවේද 3ක් භාවිතා කෙරේ.
සාමාන්‍ය මෝටර් රථයක මෙන් තැටි තිරිංග(Breaks) යෙදීම, පියාපත් දෙතෙහි යොදා ඇති වායු ප්‍රථිරෝධක(Ground Spoilers) එසවීම හා අවසාන වශයෙන් ඇන්ජින් උපයෝගී කරගනිමින් පසු තල්ලුව(Reverse Thrust) ක්‍රියාත්මක කිරීම මෙම ක්‍රමවේද තුනයි.
ගුවන් යානයක් නැවැත්වූ පසු බොහෝ විට රෝද වල තිරිංග ක්‍රියාත්මක කරනවාට වඩා බොහෝ විට ගුවන් නියමුවන් විසින් සිදුකරන්නේ වායු ප්‍රථිරෝධක ක්‍රියාත්මක කිරීම හා පසු තල්ලුව සිදු කිරීමයි. ඔබ ගුවන් යානාවක ගමන් කොට ඇතිනම් හා පියාපත් ආසන්නයේ අසුනක් ඔබට හිමි වූවා නම් ඔබ මෙම ක්‍රියාවලිය බොහෝ විට දැක ඇති.
පියාපත කෙළවරෙහි ඇති තහඩු කිහිපයක් යාන්ත්‍රිකව ඔසවනු ලබන අතර ඇන්ජින් වල ආවරණය පසුපටස තල්ලු වී හෝ එහි කවුලු කිහිපයක් යාන්ත්‍රිකව විවෘත කෙරේ. එහිදී සිදුවන්නේ පසුපසට තල්ලු කරන අධිවේගී වායුව නැවත ගුවන් යානයේ ඉදරි පසට “හැරවීමයි“ එමගින් ගුවන් යානය ධාවන පථයේ ලිස්සා යාමකින් තොරව නවත්වාගත හැකියි. එම පසු තල්ලුව යොදන අවස්ථාවේ ගුවන් යානාව තුළ සිටින මගීන්ට ඉතා විශාල ඝෝෂාවක් ඇසෙන්න පටන් ගනී
සාමාන්‍යෙයන් ගුවන් නියමුවකු මෙම පසු තල්ලුව සම්පූර්ණයෙන්ම යොදන්නේ නැත. සීමා සහිත පසු තල්ලුව මගින් යානාව නවත්වාගන්නේ පසුතල්ලුව ක්‍රියාත්මක කිරීමේදී ධාවන පථය ආසන්නයේ වැටී ඇති අබලි ද්‍රව්‍ය ඇන්ජින් තුළට ඇදගැනීමට ඇති හැකියාව ඉතා විශාල වන නිසාය.


