2.28Kviews
අනුරාධපුරයට ඉඳලා හිටලා ඇතුල් වෙන බොහෝ දෙනාට මුහුණදෙන්න වෙන සිදුවීමක් තමයි නගරයේ ගමන් ගන්නා විට මාර්ග පැටලීමට ලක්වීම. මංසන්ධි වටරවුම් වැඩිම නගරය වීම නිසා පිටින් පැමිණෙන බොහෝ අය එකම වටරවුමේ දෙතුන්පාර ගමන් ගන්නවාත් ඇති. හොයාගන්න ලැබුණු විදිහට අනුරාධපුරයේ වට රවුම් 12 ක් විතර තියෙනවා. නගර මධ්‍යයේ තියෙන ප්‍රධාන වටරවුම් කිහිපය ඇරුණහම තවත් කුඩා වටරවුම් කිහිපයකුත් මෙයට අන්තර්ගතයි. නගරය මැද තියෙන වටරවුම් පද්ධිතය නව නගර නිර්මාණය කරන කාලයේදී නිර්මාණය කරපු ඒවා. මේ වීඩියෝවට අන්තර්ගත කරලා තියෙන්නේ ඒ වටරවුම් වල වගතුග. ඉතිං ආයෙත් අනුරාධපුරයේ යනවා නම් මේ වටරවුම් වල තොරතුරුත් දැනගෙනම යන්න.