මුහුදු කඳු පාලම | Sea Cliff Bridge
පරිසරය විඳින්නට දකින්නට ලෝකය පුරා යන කෙනෙක්ට මේ පාලම නම් අලුත් දෙයක් නොවෙන්නට පුළුවන්.ඕස්ට්‍රේලියාවේ දකුණ් වෙරළ තීරයේ ඉදිකර ඇති මෙම පාලම නමින් Sea Cliff Bridge වේ. සිඩ්නි නගරයට මදක් පහළින් ඇති ක්ලිෆ්ටන් හා කෝල්ක්ලිෆ් නගර යා කරමින් මෙම පාලම ඉදිකොට ඇත්තේ මීට පෙර පිහිටි කන්ද කපා නිම කොට තිබූ ලෝරන්ස් හාර්ග්‍රේව් මාර්ගයේ මෙම කොටසට විශාල ගල් කැබලි වැටී අවහිර වීම හා එහි තිබූ අනතුරුදායක තත්වය හේතුකොටගෙනයි.2003 වර්ශයේ ලෝරන්ස් හාර්ග්‍රේව් මාර්ගයේ මෙම කඳුකර මාර්ග කොටස සම්පූර්ණයෙන් වසා දැමීමෙන් අනතුරුව ක්ල්ෆ්ටන් හා කෝල්ක්ලිෆ් නගර අතර ගමනාගමනය සම්පූරණයෙන්ව ඇනහිටින ලදි.

ඉන්පසු ඉදිකිරීම් ඇරඹූ මෙම පාලම වසර දෙදකක් තුලදී නිමකොට 2005 දෙසැම්බර් 11 වනදා ජනතාව සඳහා විවෘත කරන ලදි.මුහුදු කලාපයේ ඉදිකළ පාදම් 11 ක් මත මෙම පාලම දිවේ.දෙපසට දිවෙන මංතීරු දෙකක් හා පදික මාර්ගයක්ද සමඟ ඉදිවූ මෙම පාලමේ මුලු දිග මීටර් 455.6 කි.උසම පාදම මීටර් 41 කි. කොන්ක්‍රීට් හා යකඩ මෙම පාලමේ නිෂ්පාදන අමුද්‍රව්‍ය වේ.මෙම පාලම සඳහා නම(Sea Cliff Bridge) තබා ඇත්තේ 2005 වසරේ වයස අවුරුදු 11 ක් වූ පාසල් සිසුවියක් වූ මෙකෙන්zසි රසල් විසිනි.ඒ පාලම සඳහා නම් තැබීමේ තරඟයකින් තෝරාගැනීමෙන් අනතුරුවයි.
මේ වන විට මෙම පාලම ඔස්ට්‍රේයාවේ සංචාරක නැරඹුම් කලාපයක් කොට ඇති අතර ලෝකයේ වෙරළට සමාන්තරව ඉදිකොට ඇති පාලම් 7ක් එකක් වන්නේද මෙම සී ක්ලිෆ් පාලමයි.පෙම්වතුන්ගේ එකතුවේ සංකේතයක් ලෙස හඳුන්වන මෙම පාලමේ බඳේ දිනකට අඟුලු ලන “ඉබි අගුළු” සංඛ්‍යාව අති මහත්.
හසිත හේරත් | Athirasa [ Land Marks ]