උකුස්සා | World 1st Spy Cam

උකුස්සා | World 1st Spy Cam

උකුස්සා..

නෝර්වේ ජාතික කාල් ස්ටෝමර් යන අවුරුදු 19 ක තරුණයෙක්(අංක 01 පින්තූරයේ සිටින්නේ ඔහුයි) අමුතුම විනෝදාංශ වලට හුරුවු අයෙක්. මෙම තරුණයා කුඩා ප්‍රමාණයේ(අංක 01 පින්තූරය) “රහසිගත“ කැමරාවක් කාටත් නොදැනෙන සේ තම කමීසයට ඇතුළින් රඳවාගෙන ගොස් ඔස්ලෝ නුවර විථි පුරා ඡායාරූප ගණනාවක් ලබාගත්තා. කැමරාව ක්‍රියාත්මක කරන “නූල“ තිබුනේ ඔහුගේ කලිසම් සාක්කුවේය.

මෙම ඡායාරූ වල තිබුනේ නගර වැසියන්ගේ “ස්වභාවිකම“ හැසිරීම් රටාවන්ම වීම විශේෂයකි. එයට හේතුව ඡායාරූප ලබාගන්නා බවත් ඔවුන් නොදැන සිටීමයි. මෙම තරුණයා මෙම රහසිගත ස්පයි කැමරාවෙන් ඡායාරූප 500 කට අධිකව ලබාගෙන තිබුනා.මෙම ඡායාරූප ලබාගෙන තිබුනේ 1890 වසරේදීයි.නොර්වේහි පළමු පැපරාසි ඡායාරූප ශිල්පියා වන්නේද මොහුමයි.

වර්ථමාන්යේදී රහසිගත පින්තූර සහ වීඩියෝ ලබාගැනීමට ඕනෑ තරම් කුඩා ප්‍රමාණයේ කැමරා තිබෙන අතර මේවාගෙන් සමහරක් Full HD ඒවා වේ. කන්නාඩියේ , බොත්තමේ , තොප්පියේ ඕනම තැනක රඳවමින් තමන්ට අවශ්‍ය ඕනම ආකාරය ඕනම පින්තූරයක් , වීඩියෝවක් ලබාගතහැකි තරමට කුඩාවට හා නවීන තාක්ෂණය යොදවමින් එම කැමරා නිපදවා තිබෙනවා.

©හසිත හේරත්