Categories

FeatureWorld

සමුගැනීම | Farewell

1.03Kviews

අසන්නට ලැබුනු සංවේදී පුවත් අතර ලෝක මාධ්‍ය අතික්‍රමණය කළ නවතම පුවත වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ 41ක් වන ජනාධිපතිවරයා වූ ජෝර්ජ් H. W. බුෂ් මහතා තම ජීවන ගමන නිමා කිරීමයි. 1924 වසරේ උපන් බුෂ් මහතා වසර 94ක් ආයු වළදා තම දිවියෙන් සමුගන්නා තෙක්ම බොහෝ සිනාමුසු මුහුනෙන් හා ක්‍රියාශීලීව සිටිපුද්ගලයෙකි. ඇමරිකාවේහිටපු 43 වන ජනාධිපතිවරයා වූ කවුරුත් දන්නා ජෝර්ජ්.ඩබ්ලිවු බුෂ් මහතාගේ පියා වූ මොහුගේ විනෝදාංශ අතරින් එකක් වූයේ සුරතල් සුනඛයින් ඇති දැඩි කිරීමයි. ඒ අනුව ඔහුගේ දිවියේ අවසාන කාලයේ ඔහුත් සමගම ළඟින්ම සිටි ආදරණීයයා වූයේ “සූලී” නම්වූ සුනඛයායි.

2009 වසරේ කිසිදු අතුරු ආන්තරාවකින් තොරව හඩ්සන් ගංගාවට ගුවන් යානයක් ගොඩබස්වා එහිසිටි සියලුම මඟීන්ගේ දිවි බේරාදුන් “කැප්ටන් සුලී” බුෂ් ජනාධිපතිවරයාගේඉතා කුළුපග මිතුරෙක් වීය. ඔහුගේ වීරකම නිසා ඔහු සිහිවීමට ඔහුගේ නම තම ආදරණීය සුනඛයාට යෙදීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කළේය. යෙලෝව් ලැබ්රඩෝර් රිට්රීවර් කුලකයට අයත් වූසුලී බුෂ් මහතා සමගම ඔහු යන යන සෑම තැනම ආ ගියේය. ජනාධිපතිවරයාගේ සේවා සහායකවශයෙන් නම් කොට තිබූ සුළීගේ වයස වසර අවුරුදු 5ක් පමණ වේ. ඇමරිකානු සත්ව සුරැකීමේ පුන්‍යායයතනයක් වන America’s VetDogs ආයතනය විසින් පුහුණු කොට නොමිලේම ලබාදුන් මෙම සුනඛයාගේ සැබෑ මිල වූයේ ඇමරිකානු ඩොලර් 50,000 ක්.

පසුගිය දා තම ස්වාමියා දිවිමග අතැර සමුගැනීම නිසා සුලී බොහෝ ලෙස කණගාටුව පත්වී තිබුනි. ආහාර ගැනීම පවා විටෙක ප්‍රතික්ශේප කළ අතර බුෂ් මහතාගේ දේහය බහාලූ පෙට්ටිය අසල බොහෝ අලසව වැතීරී සිටියේය. කෙසේ වෙතත් අවමංගල්‍ය කටයුතු අවසාන වීමෙන් පසුව සුලීනැවතත් තම මුල් ආයතනය වෙතම යන්නට යන අතර කෙටි කාලයක් එහි රැදී සිටීමෙන් අනතුරුව නැවතත්තවත් වයෝවෘද ඇමරිකානු ජාතිකයෙකුට තම සේවාව සපයාවි.

චීනය හා ඇමරිකාව අතර තිබූ සීතල යුද්ධය අවසන් කොට දැමූ ජෝර්ජ් එච්.ඩබ්ලිවු බුෂ් මහතා තම රාජකාරිය නියමිත ලෙසම ඉටුකොට දෙවියන් අතරට ගිය බවත් එමනිසා “Mission Accomplished”  යනුවෙන් අන්වර්ථනාමයක්ද මෙම අවමංගල්‍ය උත්සවයට පටබැඳ තිබුණි.

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker