Categories

archiveHistory

History

මොනාලිසා පැන ගියා | Theft Of The Monalisa

මොනාලිසා පැන ගියා. ලෝක පූජිත චිත්‍ර ශිල්පියෙකු වූ ලියනාඩෝ ඩාවින්චි විසින් ක්‍රි.ව. 1504 දී අඳින ලද ෆ්ලොරන්ස් නගරයේ ධනවත් ව්‍යාපාරිකයිකු වූ ෆ්‍රැන්සිස්කෝ ඩෙල් ජිකොන්ඩාගේ රූමත් බිරිඳගේ බව කියැවෙන ලෝක ප්‍රකට උඩුකය සිතුවම එය තැම්පත් කොට තැබූ පැරීසියේ ලූවර් කෞතුකාගාරයෙන් අතුරුදහන් වන්නේ 1911 දීය. කිසිවෙකු විසින් සොරාගන්නට ඇතැයි සිතූ කෞතුකාගාර නිළධාරීන්...
History

වීර ලයිකා | Laika

වර්ෂ බිලියන 4.543 ක් පමණ වූ පෘතිවියේ වයස අපගේ වයස හා සංසන්දනය කලහොත් එය නොගිනිය හැකි තරම් කුඩා එකකි. ගල් යුගයේ සිට මිනිස් ශිෂ්ටාචාරය ආරම්භවිමේ සිට මේ වන තුරු මිනිසාගේ නැගී සිටීම සෑම විටම මේ මිහිිතලයට සතා සිවුපාවාට හා ගහකොළ වලට සර්ව සාධාරණව සිදුවූවක්ද සැක සහිතය. විශ්ව මිනිසා බිහිවීම හා...
History

අජානීය ස්කූටර | Motor Bike

අජානීය ස්කූටර මීට වසර 132 පෙර 1885 නොවැම්බර් 10 වැනිදා ජර්මන් ජාතික පෝල් ඩේම්ලර්(වම්පස ලොකු පින්තූරය) විසින් ලොව පළමු සැබෑ මෝටර් බයිසිකලය පළමු වරට ධාවනය කළේය.මෙය කිලෝමීටර් 5.5 ක් පමණ වූ කෙටි ධාවනයකි. මෙම රථය නිපදවීමේ ගෞරවය හිමිවන්නේ පෝල් ඩේම්ලර්ගේ පියා වූ ගොට්ලිබ් ඩේම්ලර් මහතාට(කුඩා පින්තූර දෙකන් වම් පස පින්තූරය)...
History

ආදර වළසා | The Story Of Teddy Bear

පොඩි උන්ට ආදරය කරන්නට , තුරුල් කොට නිදන්නට , ළගින් තනියට තබාගෙන සිටින්නට සිටින මේ අපූරු සෙල්ලම් වළසා ඔබත් දැක ඇති. දරුවන්ට රැගෙන දී ඇති. එපමණක් නොව ගැටිස්සියන් , ළමිස්සියන් පවා මෙම වළසාගේ විවිධ ප්‍රමාණ අනුරූ මිළඳී ගෙන තම ඇඳේ කොණක තබාගෙන හුරතල් වෙති .පෙම්වතුන් , පෙම්වතියන්ට තෑගි කරති. වාහන...
History

මහා ලිස්බන් භූ චලනය | Historical Lisbon Earthquake

මහා ලිස්බන් භූ චලනය ! මීට වසර 262 කට පෙරදී , 1755 නොවැම්බර් 01 වනදා යුරෝපය හොල්ලා දැමූවේ අති බිහිසුණු භූ චලනයකි. පෘතුගාලයේ අගනුවර වූ ලිස්බන් නගරයට කිලෝමීටර් 200කට දුර අත්ලාන්තික් සයුරේ ඇතිවූ මේ භූ චලනය 18 වන සියවසේදී ලෝකයේ ඇතිවූ අති බිහිසුනු භූචලනය විය. ලිස්බන් වේලාවෙන් උදෑසන 9.30 පමණ...
History

යූරි ගගාරීන් | Yuri Gagarin Sri Lanka Visit

පෘථිවියේ ගුරුත්වාකර්ශණෙයන් මිදී අහසින් එහා අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා වන රුසියානු ජාතික යූරි ගගාරීන් 1961 දී ලංකාවට පැමිණියා.එ් ඔහුගේ ලෝක සවාරිය අතරතුර. එ් එන අතර තුර ඔහු ලොව පළමු අගමැතිවරිය ලෙස කවුරුත් හඳුන්වන සිරිමාවෝ මැතිණියව මුණ ගැසුනා (01). ඔවුන්ගේ හමුව පැවැත්වූවේ ගගාරීන් තම නැවතුම්පළ ලෙස යොදාගත් Galleface Hotel හිදීමයි.ඔහුව මතක්...
History

චොකලට් | Chocolate

චොකලට් අපි රසකර කෑවත් මුල අමතක කරන්න හොඳනැහැ. බොහෝ දෙනෙක් චොකලට් වල මුල කොහෙද කියලා ඇහුවොත් දන්නේම නැති තරම්. ඇත්තට චොක්ලට් වල මුල ආරම්භවෙන්නේ අද ඊයෙකින් නම් නොවේ. මායන්වරුන්ගේ අතීතය දක්වාම ඒක දිව යනවා. චොක්ලට් වල තිඹිරිගෙදර ග්වෝතමාලාවයි. මායන්වරුන්ගේ රාජකීය ආහාරයක් ලෙස පැවති මෙම ආහාරය අද වගේ ලස්සන පැකට් වල...
History

සිතාබලා පැනීම | Story Of Parachute

සිතාබලා පැනීම.. වතුරට බහිනවා නම් හදිසියකදී පීනන්න පුරුදුවෙලා ඉන්න ඕන කිවුවාට අහසේ යනකොට හදිසියකදී පියාඹන්න පුරුදුවෙන්න කියන්නේ කොහොමද ? ඒත් අහසේදී වුවත් හදිසි අවස්ථාවකදී ක්ෂණයෙන් පොළවට නොවැටී බේරෙන්න අප අපට පුළුවන් වෙලා තියෙනවා මෙන්න මේ කවුරුත් දන්නා පැරෂූටය නිසා.පිටේ ඔතාගෙන ගිහින් අඩි ගානක් ඉහළ අහසේදී ගුවන් යානාවකින් එළියට පැනලා මහ...
History

ඇල්ල ළඟ අහස් නවය | Story Of The Nine Arch Bridge

ඇල්ල ළඟ අහස් නවය !! කොළොම්පුරෙන් පිටත් වූ උඩරට මැණිකේ පටකුඩ දෙක දෙක අරගෙන කීරිගැහෙන සීතලේ බඩ මැද මිනිස්සුත් ඉන්දවාගෙන මීදුම අස්සෙන් අමාරුවෙන් අමාරුවෙන් මහ කන්ද නගිනවා.ඈතට ඇහෙන හූ සද්දේ එක්ක ඩීසල් පුරවාගෙන කන්ද නැග්ගත් ඉස්සරනම් මැණිකේ කන්ද නැග ඇත්තේ ගල් අඟුරු හපමින් කළු දුම දමමිනි. කෝච්චියේ බදුලු ගිය හෝ...
1 2
Page 2 of 2