වීදුරු පාලම | Zhangjiajie Glass Bridge
චැන්ජාජියේ පුරාවට පැතිර යන මීදුම අස්සෙන් අද උදේම අපි ආවේ හරි අපූරු තැනකට. ඒ ලෝකයේ ලොකුම, වැඩිම උසකින් පිහිටා තියෙන, එල්ලෙන වීදුරු පාලම බලන්න. චැන්ජාජියේ ජාතික පරිසර කලාපයේ සංචාරක කලාප වලින් වැඩිම සංචාරක පිරිසක් ගැවසෙන ස්ථානය තමා මේ වීදුරු පාලම. පහළින් ගලායන ඉඇන් චුඈන් ගංගාවේ සිට මීටර් 300ක් ඉහළින් දෙපස...