වලිගය | Tail
495views
වලිගය
සමහර විටක ඔබ මෙවැනී දිගු දූම රේඛා ඔබ අහස දෙස බැලූ විට දැක ඇති.ඔබ සිතන්නේ මේවා ගුවන් යානා ඇන්ජින් වලින් නිකුත් වන දුමක් කියාද ?
ඇත්තෙන්ම එය වැරදියි.මෙය දුමකින් සෑදුනු රේඛාවන් නොවේ.මෙවැනි මගී ගුවන් යානා ගමන් කරන්නේ පොළවේ සිට අඩි 30,000 – 40,000 කට පමණ අහසේ ඉහළිනි. පොළවට මත මෙන් නොව ඉහළ ආකාශය ඉතා ශීතලකින් යුතුවේ.ගුවන් යානාවන් මෙතරම් ඉහළට ගමන්කිරීමෙදී අධික වේගයෙන් ක්‍රියාත්මක වන ඒවායේ ඇන්ජින් අධිත උෂ්ණත්වයකට පත්වී තිබේ.
ගුවන්යානා ඉන්ධන දහනයෙන් ඉවත්වන අධික උණුසුම් වායුව නිසා ඒ අවට තිබෙන ජලවාශ්ප ඝණීභවනය වේ.එය දූමයක් මෙන් හිස් අවකාශයේ ඉතිරිවේ.අධික ශීතල දිනක අපි කතා කරන විට කටින් දුමක් පිටවීමේ සංසිද්ධියද මෙවැන්නකි.
ඇන්ජින් දෙකක් සහිත ගුවන් යානාවකින් රේඛා දෙකක්ද , ඇන්ජින් 4ක් සහිත ගුවන් යානාවකින් රේඛා 4ක්ද ඇතිවේ.
හසිත හේරත්