Categories

History

දුරම ඇමතුම | Telephone Call

461views

දුරම ඇමතුම

ඔබ සිටිනා තැනක සිට ලෝකයේ ඕනෑම තැනකට දුරකථන ඇමතුමක් ගැනීම අදවන විට ඉතාමත් පහසු ක්‍රියාවලියක් කියා ඔබ දන්නවා ඇත. ලෝකයේ පළමු අන්තර් මහද්වීපික දුරකථන ඇමතුම ලබාගන්නට ගත් වෙහෙස ඔබ නොදන්නවා ඇත.

ඇමරිකාවේ පෝර්ට්ලන්ඩ් සිට ලන්ඩනයේ ඕබන් දක්වා මෙම ඇමතුම ලබාගෙන තිබිණ.ඒ සඳහා කිලෝමීටර් ගණනාවක් දුර කේබලයත් අත්ලාන්තික් සාගරය හරහා එළා තිබිණ. 1926 වසරේ පෙබරාවාරියේදී ඇරඹුනු මෙම ද්විත්ව මාර්ග සන්නිවේදන කේබලය ඇමරිකාවේ සිට එංගලන්තය දක්වා ආරක්ශිතව අත්ලාන්තික් සාගරය හරහා එළීමට වසරක පමණ කාලයක් ගතවූ අතර 1927 වසරේ ජනවාරි 07 ලොව පළමු ජාත්‍යන්තර දුරකථන ඇමතුම ලබාගන්නා ලදි.

අද වන විට ලොව සුපතල සන්නිවේදන සමාගමක් වන AT&T සමාගම විසින් මෙම කේබලය අත්ලාන්තික් සාගරය හරහා එලූ අතර පළමු දුරකථන ඇමතුම සිදුවන්නේ ඇමරිකානු AT&T සමාගමේ සභාපති වෝල්ටර් එස් ග්ලිෆර්ඩ් හා බ්‍රිතාන්‍ය තැපැල් සේවයේ තැපැල් ලේකම් වරයා වූ සර් ජෝර්ජ් මුරේ අතරයි.ලොව පළමු ජාත්‍යන්තර දුරකථන ඇමතුම ලබාගනිමින් මානව ඉතිහාසයේ නොමැකෙන සළකුණත් සටහන් කොට අදට වසර 91ක් සපිරේ.

©හසිත හේරත්

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker