The Caricature Man | Harshaka
983views
විකට හෝ විකාර සහගත බලපෑමක් ඇති කිරීම සඳහා යම් කැපී පෙනෙන ලක්ෂණ අතිශයෝක්තියට නංවා අඳින රූප caricature ලෙස හඳුන්වනවා. පුද්ගලයෙකුගේ පින්තූරයක් එසේ ඇඳීම වෙනම සෞන්දර්යක්. කාටූන්වලට එහා ගිය මෙය වෙනම කලාපයක්. ලංකාවේ මෙම කලාව ස්පර්ශ කරන හර්ෂක රත්න කුමාර Harshaka Rathna Kumara අපව කැන්දාගෙන යන්නෙ ලංකාවට එතරම්ම මිනිස්සු අතරට නොගිය caricature කලාවට. ඔහු එය ඇකඩමික් පුහුණුවෙන් ලද දැනුම හිතුවක්කරී ලෙස තාක්ෂණික මෙවලම් හරහා දියුණු විදියට අල්ලනවා. තාක්ෂණයේ පිහිටෙන්ම විතරක් ගොඩ යන්න උත්සාහ ගන්න ගොඩක් අයට කලාව පිළිබඳ සංවේදනය තාක්ෂණය එක්ක මුහුකරන හැටි හර්ෂක අපට පසක් කරනවා.
-ප්‍රගීත් රත්නායක