ජයග්‍රහණය | The Runner
එක්තරා ආයතනයක ධාවන තරගයක් සංවිධානය කෙරුණා. තෝරාගත් මාර්ගයක ධාවන මාර්ගය ලෙස තෝරාගැනීමෙන් අනතුරුව තරග කරුවන්ව එම මාර්ගය පිළිබඳව දැනුවත් කෙරුණා. තරගය සඳහා ආයතනයේ ඕනෑම කෙනෙකුට සහභාගී වීමේ අවස්ථාව උදා කොට තිබුනා. වටිනා තෑගි ලබාදෙන බැවු ආරංචි වූ බැවින් මෙසේ බොහෝ දෙනෙකු තරගයට සහභාගි වුනා. තරගයට මොහොතකට පෙර ආයතන ප්‍රධානියා තරගකරුවන්ව ඇමතුවා.
“මට සතුටුයි මෙතරම් පිරිසක් අද මේ තරගයට සහභාගී වීම ගැන. අපි ඔබට අපේ ආයතනය ගණනේ දුවන සපත්තු කුට්ටමක් ලබාදෙනවා. ඒ වගේම තරග මාර්ගය පිළිඹඳ ඔබ සැවොම දැනුවත්කොට තිබෙනවා. මේ මාර්ගයේ කිසිම තැනක ඔබව නිරීක්නෂය කිරීමට විනිසුරුවන් නැහැ. ඒ වගේම මේ මාර්ගයේ සෑම තැනම ඉක්මනින් පැමිණිය හැකි කෙටි මාර්ග තිබෙනවා.ඒත් ඔබ අවංකව , අව්‍යාජව කෙටි මං භාවිතා නොකොට නියමිත මාර්ගයේ පැමිණිය යුතුයි. පැයක් තුළ එසේ පළමුව පැමිණෙන කෙනාට ආයතනය ගණනේ වටිනා බෙන්ස් රථයක් සමග පස්ගුණයක පඩිවැඩිවීමක් ලබාදෙනවා. ඊට අමතරව අපි ඔවුන්ගේ තනතුර පවා උසස් කරනවා. ඉතිං අපි තව සුළු මොහොතකින් තරගය පටන්ගමු”
එය ඇසූ තරගකරුවන් වික්ශිප්ත වුනා. කෙසේ හෝ තරගය දිනිය යුතු යැයි සිතුවා. කිවු පරිදි තරගය ඇරඹුනා. ප්‍රධානියා කිවු පරිදි කිසිම තැනක විනිසුරුවන් සිටියේ නැහැ. ඒ වගේම නියමිත මාර්ගය ඊතල මගින් දක්වා තිබුනා. ඊට අමතරව කෙටි මාර්ගද වෙනත් වර්ණයක ඊතල වලින් දක්වා තිබුනා තරග කරුවන් පුදුමයට පත්වුනා ඇත්තෙන්ම මුළු දුර කිලෝමීටර් 10ක් පමණ වුවත් කෙටි මාර්ග භාවිතා කලහොත් දුර කිලෝමීටර් 4ක් පමණ වූවා. කෙටි මාර්ග 4ක් පමණ අතරමග තිබුනා. එහෙත් තරගය අවසාන වන්නේ එකම මගකින්. පැයකින් පසුව තරගය අවසන් වන වේලාව ලං වූවා
ඒ වන විටත් තරගකරුවන් සියලුම දෙනාම වාගේ තරගය අවසන්කොට තිබුනු අතර තරගය ජයග්‍රහණය කල පුද්ගලයා තෝරාගෙන තිබුනා. ඔහු බොහෝම උද්දාමයෙන් ජයග්‍රහණය සමරමින් සිටියා. හරියටම පැය ගෙවෙන තැනදී ආයතන ප්‍රධානියා තරගකරුවන් ඉදිරියේ පෙනී සිටියා.
“මට ඇත්තටම සන්තෝසයි ඔබලා ගැන. ඒ වගේම ජයග්‍රාහකයා ගැන. ඒත් අපි තව ටිකක් වෙලා සිටිමු”
ප්‍රධානියා එසේ කියා තරගකරුවන් තරගය අවසන් කල මග දෙස බලා සිටියා. තවත් එක් තරගකරුවෙක් අපහසුවෙන් දුවමින් පැමිණ තරගය අවසන් කරනු දුටු ආයතන ප්‍රධානියාට ආඩම්බරකාර සිනාවක් පහළ වූවා.
“ඔබට පේනවා නේද අර එන තරගකරුවා, ඔහු තමා තරගයේ ජයග්‍රාහකයා”
එසේ කිවු විට පෙර තරගය අවසන් කල අය අතර කසුකුසුවක් ඇතිවුනා. එවිට ආයතන ප්‍රධානියා නැවත පිරිස ඇමතුවා.
“මට ඔබලාගේ කසුකුසුව ඇතිවුනේ ඇයිදැයි තේරෙනවා. එහෙත් ඔබ කිසිම කෙනෙක් නියමිත මාර්ගය භාවිතා කළ අය නොවේ මගින් මග තනිවී කෙටි මාර්ග භාවිතා කළ අයයි. බලන්න ඔබ ඉතාම පහසුවෙන් සිටිනවා.අනික ඔබ මා ලබාදුන් පැයට කලියෙන්ම තරගය අහවර කොට තිබුනා.නමුත් නියමිත මාර්ගයේ පැමිණියා නම් ඔබට පැයකින් එහා මිස මෙහා නම් තරගය අවසන් කල නොහැකියි.”
එසේ කියන විටත් පෙර තරගය අවසන් කල වුන් අතර කසුකුසුවක් ඇතිවුනා. නැවතත් ප්‍රධානියා ඇමතුවා
” ඔබට තවමත් මා කියූ දේ තේරී නැති හැඩයි. එසේ නම් මා දැන් විනිසුරුවන් ලවා ආයතනය විසින් ඔබට ලබාදුන් දුන් දුවන සපත්තු පරීක්ෂාවකට ලක් කරනවා”
පෙර තරගය අවසන් කල අය සියලුදෙනාම හැර අවසානයට තරගය අවසන් කල පුද්ගලයාගේ පමණක් සපත්තු අඩි දෙකෙහි විශේෂිත අැණ වර්ගයක් “ඇණී” තිබුනා. ඒවා පෙර සැළසුම් කල පරිදි නියමිත දිගු මාර්ගයේ අවසානයේ අතුරා තිබුනා. නියමිත මාර්ගයේ පැමිණෙන අයගේ සපත්තු අඩිවල රැඳෙන ලෙසයි මේවා අතුරා තිබුනේ.
ආයතන ප්‍රධානියා නැවත පිරිස ඇමතුවා.
“ඔබ සියලු දෙනාම තරග නීති වලට පටහැනිව කෙටි මාර්ග භාවිතා කරා. ඔබ ඔබට අවංක වූවේ නැහැ.බොරු කලා , ත්‍යාග ලබා ගැනීමේ අරමුණින් ඔබ වැරදි දේ කළා. එහෙත් ඇත්තෙන්ම තමන්ට අවංකව නියමිත මගෙහි පැමිණ තරගය අවසන් කලේ මොහු පමණයි. ඒ වාගේම ආයතනය වෙනුවෙන් ඔබලා කරන්නා දේ අවංක නොමැතිව ඇති යැයි මට දැන් සිතේ. මා ඔබව සේවයෙන් පහ නොකරමි. වැරදි හදාගැනීමට තවත් එක් අවස්ථාවක් ලබා දෙමි. ඒ වගේම ජයග්‍රාහකයාට මා පොරොන්දු වූ පරිදි එම බෙන්ස් රථයද , පඩි වැඩිකිරීමද , තනතුර උසස් කිරීමද සිදුකරමි. ඔබලා සියලු දෙනා ආයතනයට අවංක වන්න, ඔබේ රාජකාරියට අවංක වන්න. එවිට ඔබේ ආයතනය දියුණු වනු ඇත. එවිට ඔබද දියුණු වනු ඇත”
අවංක ජයග්‍රාහකයාව බඳා වැළඳ සුබපැතීමෙන් අනතුරුව ආයතන ප්‍රධානියා තම ආරක්ෂකයින් සමග පිටත්වී ගියා. ඔහුගේ පරීක්ෂණයෙන් තමන් අසමත් වූ බව දැනගත් පිරිස තමාගේ වැරදි සාදාගැනීමට දුන් අවස්ථාව පිළිඹඳ ඔහුට සිතින් ස්තුති කරමින්ද ඔහුගේ තීක්ශණ ඥාණය පිළිඹඳ විශ්මයට පත්වෙමින්ද තරඟ බිමෙන් පිටව ගියා. ඔබත් අවංක වන්න , අව්‍යාජ වන්න, උත්සාහවන්ත වන්න අවසන ජය ලබන්න.
හසිත හේරත් | Athirasa [ Life ]