සිනාසෙන තදයා

ඔබ ජාත්‍යන්තර රියලැටි තරග යූටියුබ් හරහා නරඹන්නෙක් නම් දුටු පමණින්ම ඔබ මෙම පුද්ගලයා හඳුනා ගනීවී. තරමක දැඩි තීරණ ගන්නා මොහුගේ කටින් හොඳ වචනයක් අසාගැනීමට ලැබෙන තරගකරුවන් බොහෝ වාසනාවන්තය. සිනාමුසු මුහුණින් සිටියද මොහුගේ තීරණය ඉතාම බැරූරුම් වන නමුත් සමහර විටක අනෙක් විනිසුරුවන් තරගකරුවන්ව කපා දමන්නට සැරසෙන අවස්ථාවලදී පවා මොහු ඔවුන්ව ඉදිරියට යැවූ අවස්ථාද නැතුවා නොවේ.ඇත්තෙන්ම සිනාසෙමින් “ටොකු අණින” මෙම පුද්ගලයා කවුද ?

නමින් සයිමන් පිලිප් කොවෙල් වන මොහු බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.1959 ඔක්තෝබර් 01 වනදා ලන්ඩනයේ ලැම්බෙත් නම් ප්‍රදේශයේදී මෙළොව එළිය දැක ඇත.මොහුගේ මව වූ ජුලී බ්‍රෙට් වෘත්තියේ බැලට් නර්ථන ශිල්පිණියෙකි.පියා වූ එරික් සෙලිග් පිලිප් කොවෙල් ඉඩම් හා දේපළ හිමියෙක් මෙන්ම සංගීතය වෙනුවෙන් තම මූල්‍ය ශක්තිය කැප කල පුද්ගලයෙකි. මොහුට සහෝදර සහෝදරියන් පස් දෙනෙකි.

මේ වන විට මොහු වෘත්තියෙන් නළුවෙකි , නිවේදකයෙකි , චිත්‍රපට නිෂ්පාදකවරයෙකි , ව්‍යාපාරිකයෙකි .එමෙන්ම මොහු මහා ධානපතියෙකි.මොහුගේ ව්‍යාපාරික ආයතනය වන්නේ Syco Entertainment නම් ව්‍යාපාරයයි.මෙම ආයතනයේ 20%ක කොටස් සයිමන් සතුය.මොහුගේ වාර්ශික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 300 කට අධික වේ. මොහුට එංගලන්තයේ , ඇමරිකාවේ , ඩුබායිහි හා ඕස්ට්‍රේලියාවේ නිශ්චල හා චංචල දේපළ බොහෝ ඇත.

මොහු ජනතාව අතර සුප්‍රසිද්ධ වන්නේ රියලටි තරග විනිසුරුවරයෙකු වශයෙනි. Pop Idol, American Idol, The X Factor UK, Britain’s Got Talent, The X Factor USA, America’s Got Talen වන් ලෝප්‍රකට රියැලටි තරග විනිසුරුවරයෙකු වශයෙන් ජනතාව අතරට පැමිණියේය. ඊට අමතරව Idol franchise, The X Factor franchise, Got Talent franchise, The You Generation යන වැඩසටහන් නිෂ්පාදනය කිරීමට මුදල් යෙදවීය.එක්දරු පියෙකු වූ සයිමන්ගේ “විවාහ නොවූ බිරිඳ” වන්නේ ඇමරිකාවේ සුප්‍රසිද්ධ සමාජ සේවිකාවක් වූ ලූරන් සිල්වර්මන්ය

©හසිත හේරත්.