Categories

Art & EntertainmentHistoryIdol

පත්තරකාරයා | TinTin

2.55Kviews

දුටු පමණින් ඔබ මෙහි තිබෙන කාටූන් චරිතය හඳුනාගත්තා නේද ? ඔබ හරි මේ සිටින්නේ අපගේ වීර ටින් ටින්. 20වන සියවසේ ලොව සුප්‍රසිද්ධම කාටූන් චරිත වලින් එකක් වූ ටින් ටින් චරිතය අද වනතුරුත් ලොව පුරා දරුවන් සහ වැඩිහිටියන්ගේ හිත් වලින් මැකී ගොස් නැහැ.

ටින් ටින් ලොවට බිහි වන්නේ 1929 දී බෙල්ජියම් ජාතික කාටූන් ශිල්පියෙකු වූ ‍හර්ජ්ගේ අතින්. 1907දී මෙලොව එළිය දුටු හර්ජ් වෘත්තියෙන් කාටූන් ශිල්පියෙකි. එකළ පළමු ලෝක යුද්ධය කලදී ක්‍රිස්තියානී සංගමයක පුවත් පතකට කාටූන් අඳිමින් සිටියද පසුව බෙල්ජියමට කඩා වැදි හිට්ලර්ගේ නාසිවාදය පතුවනු ලැබූ පුවත්පතකට ඔහුව බලෙන්ම එක් කරගන්නා ලදි. විවිද චරිත කිහිපයක් මුලදී නිර්මාණය කළත් ඔහු මුළින්ම ප්‍රසිද්ධයක් ලැබූයේ ඔහු නිර්මාණය කල බාලදක්ශ දරුවකු සම්බන්ධ The Adventures of Totor(ටෝටර්ගේ වීරක්‍රියා) නම් කාටූන් චිත්‍ර කතාවෙනි. පසුකලකදී ටින්ටින් උපදින්නේ මේ ටෝටර්ගේ හැඩහුරුකම් වලට අනුවය. ටෝටර් බාලදක්ශයකු වුවද ටින්ටින් පත්තර වාර්ථාකාරයෙකි. ටින්ටින් ට අමතරව කැප්ටන් හැඩොක් , ප්‍රොෆෙසර් කැල්කියුලස් , තොම්සන් හා තොම්සන් හා අප කාගේත් සුරතල් බලු පැටියා “ස්නෝවී” හා මෙම කතා මාලාවේ පැමිණෙන එකී මෙකී නොකී සියලු කාටූන් චරිත වලද පියා වන්නේ හර්ජ් මය.

හර්ජ්

 

හර්ජ්ගේ ටිං ටිං චරිත

Tintin in the Congo , Tintin in the Land of the Soviets , Tintin in America , The Shooting Star , Destination Moon මෙන්ම තවත් කතා බොහෝ ගණනක් අවසානයේ හර්ගේ ගේ අතින් නිම වූ ටින් ටින් කතා පොත් ගණන 24 කි. ටින් ටින්ගේ හඳ ගමන කතා මාලාව නිකුත්වන්නේ 1954 දීය. එම කතාමාලාවේදී ටින් ටින් ස්නෝවී සමග හඳ මතුපිට පා තබනු ලබයි. ඒ නීල් ආමස්ට්‍රෝං හඳ මතුපිට පා තැබීමට අවුරුදු 15 කට පෙරය.

සඳ මත පා තැබූ ටිංටිං, හැඩොක් හා ස්නෝවී

 

හර්ජ් විසින් ලියැවුනු ටිංටිං චිත්‍ර්‍රකතා පොත් සියල්ල

 

ටිං ටිං ත්‍රිමාණ චිත්‍රපටයේ පළමු දර්ශණයේදීම පෙනී සිටින හර්ජ්

 

ටිං ටිං චිත්‍රපටයේ දර්ශණයක්

ටින් ටින් ලොව බොහෝ දරුවන්ගේ වීරයෙක් විය. ලොව පුරා ටින් ටින් කාටුන් චිත්‍රකතා පොත් මිලියන ගණනින් අලෙවි වූ අතර පසුකාලීනව එම කතා රේඩියෝවට පැමිණියේය. පසුව කාටූන් පෙළක් ලෙස අප අතරටද පැමිණියේය.ටින් ටින්ගේ වීරක්‍රියා යනුවෙන් අප ආසාවෙන් නැරඹූ කාටුන් කතා පෙළ කෙසේ නම් අමතකර කරන්නද. ඔබට මතක නම් , ඔබ නැරඹුවා නම් 2011 වසරේදී නිකුත් වූ ටින් ටින් ත්‍රිමාණ චිත්‍රපටිය හා එහි මුල්ම දර්ශනයේ මුලින්ම දර්ශනය වන චිත්‍ර ශිල්පියාගේ චරිතයේ සිටින්නේ ටින් ටින්ගේ “පියා” වූ හර්ජ් මය. සරල දිවි පෙවෙතක් ගෙවමින් තම දක්ශතාවය විහිදා ලොවට අමරණීය වීර චරිත ගොන්නක් බිහි කල හර්ගේ අවුරුදු 75 ක් ආයු වළදා 1983 මාර්තු 03 වනදා මෙළොවින් සමුගත්තේය. අදටත් ඔබ දකින්නේ හර්ගේ ගේ තෙළිතුඩින් නිමවූ ටින් ටින්ගේ මුල්ම සිතුවමමය !!

හසිත හේරත් | Athirasa [ Art / Idol ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker