දික් දණ්ඩා | Tallest Building
දැනට ලෝකයේ ඉදිකොට ඇති උසින් වැඩිම ගොඩනැගිල්ල මොකද්ද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ තමා ඩුබායිහි ඉදිකොට ඇති බර්ජ් කලීෆා.එහි උස මීටර් 828 ක් වෙනවා.ඇන්ටනාවේ හා අකුණු සන්නායකයත් සමග එහි උස මීටර් 830 ක් වෙනවා.එහි තට්ටු 163 ක් තිබෙනවා.2004 වසරේ වැඩ ආරම්භ කල මෙහි වැඩ අවසන් කෙරුනේ 2009 වසරේදීයි.2010 දී එය විවෘත කෙරුණා.මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක්.



එහෙත් 2020 වසරෙන් පසුව බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ලෝකයේ උසම දෙවන තැනට පත්වනවා.එයට හේතුව සවුදි අරාබියේ ජෙඩාහි ඉදිකරන ලොව උසම ගොඩනැගිල්ලේ වැඩ 2020 වසරේදී අවසන් වීමයි. කිංඩම් ටවර් ඔෆ් ජෙඩා යනුවෙන් නම් කොට ඇති මෙහි වැඩ ආරම්භ කලේ 2013 අප්‍රේල් පළමු වනදායි.මේ වන විට මෙහි වැඩ සෑහෙන ප්‍රමාණයක් අවසන් වෙමින් පවතින මෙහි උස මීටර් 1000ක්(කිලෝමීටර්1ක්) උස මෙහි ඇන්ටනාව හා අකුණු සන්නයකය සමග උස ඊටත් වඩා වැඩි වීමට නියමිතයි.මෙහි තට්ටු ප්‍රමාණය 167 ක් වන අතර ඒවා අතර ගමන් කිරීමට මෙහි සෝපාන 59 ක් අන්තර්ගත වේ.සවුදි අරාබියේ ඉදිකරන්න යෙදී ඇති නව වෙළඳ නගරයට සමගාමීව ඉතිකරන මෙම ගොඩනැගිල්ලේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.3 කට ආසන්න වේ.
©හසිත හේරත් | Athirasa [ LandMark ]