ජැමෙයිකාව කියන්නේ උතුරු ඇමෙරිකානු මහද්වීපයටත් දකුණු ඇමරෙකානු මහද්වීපයටත් ආසන්නයේ පිහිටා ඇති කුඩා දූපතක්. ලක්ෂ 30ක් පමණ වන ජනතාවක් සිටින ජැමෙයිකාව වර්ගකිලෝමීටර් 11,000 ට ආසන්න කුඩා දූපතක්. මහා දියුණුවක් නැති ජැමෙයිකාවේ ට්‍රිලොනි පැරිශ් කියන ප්‍රාන්තයේ ෂර්වුඩ් කොන්ටෙන් කියන කුඩා ග්‍රාමයේ කුඩා ග්‍රොසරියක් පවත්වාගනිමින් ජීවත්වූ තරුණ යුවලක් සිටියා. නමින් වෙස්ලි හා ජෙනිෆර්. ඔවුන්ගේ කුළුදුල් දරු උපත සිදුවූයේ 1986 අගෝස්තු 21 වනදා වෙස්ලිට හා ජෙනිෆර්ට වගේම ජැමෙයිකාවටත් ඉතා විශේෂ වසරක්. ඒ ලෝකයේ වේගවත්ම මිනිසා මෙලොවට ප්‍රාප්ත වීමේ දිනය නිමිත්තෙනි.එදා මේ කුඩා දරුවාට නමක් තැබෙනවා උසේන් සෙන් ලියෝ බෝල්ට් නමින්.


කුඩා උසේන් තම සොහොයුරා හා සොහොයුරිය සමග කුඩා කල සිටම තම දෙමාපිය සෙවනේ ෂර්වුඩ් ග්‍රාමයේ වැඩෙමින් ටිකෙන් ටික ලොකු වෙනවා. ක්‍රමයෙන් වැඩිවියට පත්වන උසේන් තම සහෝදරයා සමග පාරවල් වල ක්‍රිකට් ක්‍රීඩාකරමින්ද පාපන්දු ක්‍රීඩාකරමින්ද කරමින් බොහෝසේ විනෝද වෙනවා. ජීවිතය කෙළිදෙලින් ගෙවන උසේන් වොල්ඩෙන්සියා ප්‍රාථමික විදුහලට ඇතුල් වීමෙන් අනතුරුව තම ක්‍රීඩා දිවිය ක්‍රමයෙන් ආරම්භ කරනවා. ඒ අනුව ඔහු තම දොළොස්වන වියේදී පැරිශ් ප්‍රාන්ත පාසල් ක්‍රීඩා තරගාවලියකින් මීටර් සියය ධාවනයේ යෙදෙමින් පළමු ස්ථානය හිමිකරගන්නවා. පසුව ඔහු ඇතුලත් වන විලියම් ක්නිබ් ඉහළ විදුහලේදී ඔහු අවධානය යොදවන්නේ පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙනි. එහෙත් ඔහුගේ ක්‍රිකට් පුහුණුකරු වූ හිටපු ඔලිම්පික් ජවන හා පිටිය ක්‍රීඩක පැබ්ලෝ මැක්නේල් හා ඩේවිට් බාර්න්ට් ඔහුගේ වේගය ක්‍රිකට් ක්‍රීඩාවට වඩා ජවන හා පිටිය ක්‍රීඩාවලට සුදුසු බැවු අවබෝධ කරගැනීමෙන් අනතුරුව ඔහුව කෙටිදුර ධාවනයට යොමුකරනු ලබනවා. ඒ අනුව ඔහු පාසලේ පෙර කෙටිදුර වාර්ථා තවත් ඉදිරියට ගෙන එමින් 2001 දී වාර්ශික පාසල් ක්‍රීඩා තරගාවලියේදී මීටර් 200 තරගය තත්පර 22.04 කින් නිමකරනු ලබනවා.
2001 කරිෆ්ටා ගේම්ස් තරගාවලියේදී තම ප්‍රථම කැරිබියන් තරගය වූ මිටර් 400 තත්පර 48.28 කින් නිම කරමින්ද මීටර් 200 තත්පර 21.81 කින් නිමකරමින් රිදි පදක්කම්දිනාගනු ලබනවා. ඔහුගේ පළමු ජාත්‍යන්තර තරගය වන්නේ 2001 අයි.ඒ.ඒ.එෆ්ලෝ.ක තරුණ තරගාවලියයි. නමුත් ඔහු මීටර් 200 දිවීමෙන් තම හොඳම වේගය තත්පර 21.73 ලබා ගත්තද අවසාන තරගයට සුදුසුකම් නොලැබෙනවා.
විවිධ අවස්ථාවලදී විවිධ ජාත්‍යන්තර තරගාවලිවලදී රිදී සහ ලෝකඩ පදක්කම් වැඩි වැඩියෙන් හිමිකරගත් උසේන් තම පළමු ජාත්‍යන්තර රන්පදක්කම දිනාගනු ලබන්නේ ක්‍රීටයේ පැවැත්වූ ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියකදීයි. මෙහිදී ඔහු මීටර් සියය තත්පර 10’03 කින් නිම කරනු ලබනවා. ලෝකවාර්ථා සමකරමින්ද තවත් ලෝක වාර්ථා බිඳහෙළමින්ද බෝලට් තම සුපිරි වේගය තව තවත් වැඩි කරගනිමින් 2008 චීනයේ ඔලිම්පික් තරගාවදීයේදී මීටර් සියය තත්පර 9.68 කින් නිම කරමින් ලෝක වාර්ථාවක් බිහිකරනු ලබනවා. මීටර් 200 තත්පර 19.30 කින් නිමකරනු ලබනවා. මෙහිදී ඔහුගේ උසේන් බෝල්ට් නමට අමතරව “ලයිට්නින් බෝල්ට්“ යනුවෙන් අන්වර්ථ නාමයක්ද පටබඳිනු ලබනවා.2009 ජරිමනියේ ලෝක ශූරතාව ජැමෙයිකාව නියෝජනය කරමින් ඔහු මීටර් සියය තත්පර 9.58 කින් නිම කරමින් ඔහුගේම ලෝක වාර්ථාව බිඳ දමමින් හොඳම වේගය ලබාගනු ලබනවා.2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී මීටර් සියය තත්පර 9.64 කින් නිම කරමින් නව ඔලිම්පික් වාර්ථාවක්ද තබන ඔහුව ජැමෙයිකාවේ ජාතික වීරයෙක් කිරීමට සුදුසු බව USA TODAY සඟරාව විසින් නම් කරනු ලබනවා. 2016 රියෝ ඔලිම්පික් තරගාවලියේදී මීටර් සියය තත්පර 9.81 කින් නිම කරමින් පිට පිට තෙවන වතාවටත් ඔලිම්පික් රන් පදක්කම දිනාගනු ලබනවා. මීටර් 200 ද 100 වැඩිකිරීම 4 තරගාවලියෙන්ද තම මවුබිම රනින් ඔසවා තබන්නට උසේන් සමත් වෙනවා.පිට පිට ඔලිම්පින් රන් පදක්කම් ලැබූ 30 හැවිරිදි උසේන් ඔලිම්පික් ඉදිරි තරගාවලිවලින් තමාට විශ්‍රාම යෑමට කල් පැමිණ ඇති බව මාධ්‍යට පවසා තිබුනා.
ධාවකයෙක් නොවුනානම් තමා නිසැකව ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බවත් එසේනම් තමා මේ වන විට වේග පන්දු දමන්නෙක් බවත් පවසා තිබුනා.කුඩාකලදි ඔහු පකිස්ථානු කණ්ඩායමට උදව් කරමින් එකි ක්‍රීඩන වකා යුනුස්ගේ පන්දු දමන ආකාරය ගැන ඉතා කැමැත්තෙන් පසුවූ බවත් පවසා සිටියා.ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් , බටහිර ඉන්දියානු ක්‍රීඩක ක්‍රිස් ගේල් හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිවු හේගන් උසේන්ගේ සිහින ක්‍රීඩකයින් වී තිබුනා. ලෝක ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියටද ඉතා කැමැත්තක් දක්වන ඔහු 2011 ලන්ඩන් ලෝක පාපන්දු ශූරතාවයේදී ආරාධිතයෙකු ලෙසද සහභාගි වුනා. කෙසේ නමුදු තම විශ්‍රාම යෑම මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමෙන් තම කතාව නිම කර තිබුනේ “ඔබ මට කෙතරම් කැමතිද ආදරයද මෙන්ම මගේ මවුබිමටත් එමෙන් ආදරය කරන්න එහි සිටින දූගීදුප්පතුන්ට අතහිත ලබාදෙන්න, විරැකියාවෙන් පෙළෙන ජනතාවට රැකියාවක් ලබාගැනීමට උදවු කරන්න“ යැයි ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.
හසිත හේරත් | Athirasa [ Feature / Sports / Idol ]