Categories

Feature

ආදරයට වටිනාකමක් | A Gift !

622views

තායිලන්තයේ නම් ලුවාන්ග් ගුහාව තුළ සිරවුනු ළමුන් සියලුම දෙනා ලෝකයේ නන්දෙසින් පැමිණි බොහෝ “ආදරණීය“ මිනිසුන් පිරිසකගේ උදවු උපකාර මත අද(10) සවස සම්පූරණයෙන් මුදාගනු ලැබූවා. ඒ වෙනුවෙන් තායිවාන චිත්‍ර ශිල්පීන් දෙපලක් (Sisidea) විසින් අපූරු සිතුවමක් නිර්මාණය කර තිබෙනවා. මෙහෙයුම වෙනුවෙන් නිර්මාණය වූ වටිනාම මතක සමරුව වන්නේද මෙයයි. ගුහාවක් තුළින් පීනා යන සතුන් පිරිසක් මෙම සිතුවමේ නිරූපිත කොට තිබෙන අතර මෙම සිතුවමේ සිටින සියලුම සතුන්ගෙන් “සැගවුනු පිරිසක්“ නිරූපිතයි. පින්තූරය දෙස හොඳින් බලමින් මා පහතින් සටහන් කරන විස්තරය කියවන්න.

● ඉදිරියෙන්ම ගමන් කරන ඇස් කන්නාඩියක් පැළඳි සුදු ඇතා (ටාරෝ) – මෙම ගලවා මෙහෙයුමේ ප්‍රධාන අණදෙන්නා වූ ගුහාව පිහිටි චින්ග් රායි දිස්ත්‍රික්කයේ ආණ්ඩුකාරවරයා වූ Narongsak Osottanakorn මහතා ( චින්ග් රායි දිස්ත්රිික්කය් නිළ සංකේතය වන්නේ කිරිසුදු ඇතාය)

● මැදින් සිටින දුඹුරු පැහැති වල් ඌරු පැටවු 12 දෙනා සහ පසුපසින් පැමිණෙනන මදක් විශාල වූ වල් ඌරු පැටවා – අතරමන් වූ ළමුන් 12 දෙනා සහ එම පුහුණුකරු(එම කණ්ඩායමේ නම Wild Boars)

● දකුණු පස යට මුල්ලේ සිටින සුදු අශ්වයා – මෙහෙයුම සඳහා සහභාගී වූ සියලුම වීරයින්.

● එතනම සිටින රතුකුරුසයක් සහිත සුදු අශ්වයා – මෙහෙයුමට සහභාගි වූ සියලු වෛද්‍යවරු සහ හෙදියන්

● මැදින් පිහිනායන ගෙම්බන් – මෙහෙහුමට සහභාගි වූ ලෝකයේ නන් දෙසින් පැමිණි සියලුම කිමිදුම්කරුවන්

● සුදුපැහැති සීල් මසුන් – තායිලන්තයේ නාවුක හමුදා සීල් කිමිදුම්කරුවන්

● ඒ සීල් මසුන් අතර ඉහළින්ම සිටින තටු දෙකක් සහිත සීල් මතස්‍යයා – මෙහෙයුමේදී දිවි පිදූ තායි සීල් කිමිදුම්කරුවකු වූ සාමන් ගූනා(Saman Guna) සීල් භටයා.

● පසුපසින් පිහිනා එන තාරාවා – මෙහෙයුමට සහභාගී වූ භූගෝල විද්යාම කණ්ඩායම

● ඉදිරියෙන්ම සිටින නිල් පැහැ සිංහයා – මෙහෙයුම සඳහා එංගලන්තයේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● දෙවෙනියට සිටින කළු සහ කහ පැහැති සිංහයා – මෙහෙයුම සඳහා බෙල්ජියමේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● තුන්වැනුව සිටින සුදු සහ නිල් පැහැ සිංහයා – මෙහෙයුම සඳහා නෙදර්ලන්තයේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● පහළ මැදින් සිටින කැන්ගරුවා – මෙහෙයුම සඳහා ඕස්ට්රේරලියාවේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● පසුපසින් පිහිනා එන පැන්ඩාවා – මෙහෙයුම සඳහා චීනයේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● පසුපසම කෙළවරින් පැමිණෙණ මකරා – මෙහෙයුම සඳහා ජපානයේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● පහළ මැදින් සිටින ගෝනා – මෙහෙයුම සඳහා ස්වීඩනයේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● පසුපසින් පැමිණෙන කොටියා – මෙහෙයුම සඳහා මියන්මාරයේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● වම්පස පහළ කෙළවරේ සිටින දුඹුරු පැහැති ඇතා – මෙහෙයුම සඳහා ලාඕසයේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● ඉහළින් පියාඹා යන රාජාළියා – මෙහෙයුම සඳහා ඇමරිකාවේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● දකුණේ පහළ කෙළවරෙහි සිටින වළසා – මෙහෙයුම සඳහා පින්ලන්තයේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● දුඹුරු ඇතාගේ පිට මත සිටින වළිකුකුළා – මෙහෙයුම සඳහා ප්රංයශයේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● රාජාලියාට ඉදිරියෙන් පියාඹා යන උකුස්සා – මෙහෙයුම සඳහා පිලිපීනයේ / ජර්මනියේ සහ චෙක් ජනරජයේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● පසුපසුන්ම පැමිණෙන බීවරයා – මෙහෙයුම සඳහා කැනඩාවේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● මකරාට පහළින් සිටින හංසයා – මෙහෙයුම සඳහා ඩෙන්මාකයේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● අයන් මෑන් මුහුණ – මෙහෙයුම සඳහා කුඩා සබ්මැරීනයක් නිපදවූ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී එලන් මස්ක් මහතා(Elon Musk). නමුත් ඔහු නිපදවූ සබ්මැරීනය භාවිතා කිරීමට නොහැකි වුයේ ගුහාවේ තිබූ සීමිත ඉඩකඩ නිසාය.

● පහළින් සිටින සුනඛයා – මෙහෙයුම සඳහා සහභාගි වූ තායිලන්ත K9 සුනඛ ආරාක්ෂක කණ්ඩායම

● පසුපසින් පැමිණෙන කළු පැහැ වටු කුරුල්ලන් – මෙහෙයුම සඳහා සහභාගිවූ තායිලන්ත කඹ දියත්කරුවන් සහ කඳු නඟින්නන්

● වටුකුරුලු කණ්ඩායමට ඉදිරියෙන් ගමන් කරන සුදු පැහැ කුරුල්ලා – මෙහෙයුම සඳහා අයිස්ලන්තයේ සිට පැමිණි ගලවා ගැනීමේ කණ්ඩායම

● පහළින් සිටින නයා – මෙහෙයුම සඳහා සහභාගී වූ ජලය පොම්ම කරන්නන් සහ ගල් සිදුරු කරන්නන්

● වී කරලක් කටින් ගත් ඌරා – තායිලන්ත වී ගොවියන්

● දකුණු පස ඉහළ සිටින සුදුපැහැති කුරුල්ලන් – මෙම සිදුවීම වාර්ථා කල ලොව සියලු මාධ්‍යයන්( ඔවුන් කණ්ඩායම දෙස බලා සිටිමින් එය ලොව පුරා වාර්ථා කරමින් සිටී)

● එම සුදුපැහැති කුරුල්ලන් අතර සිටිමින් කණ්ඩායම දෙස බලා සිටින කලු කපුටා – මෙහෙයුම විවේචනය කළ , විරුද්ධවාදී අදහස් ලබා දෙමින් මෙහෙයුමට සෘණ අගයක් ලබාදුන් පිරිස.

මෙම සිතුවම මඟින් මෙහෙයුමට සම්බන්ධවූ සියලුම දෙනා ඉතාමත් ආදරයෙන් සහ සහෝදරත්වයෙන් අර්ථ ගන්වා ඇති අතර එය මෙම මෙහෙයුම අවසානයේ ලොවටම ලබා දුන් ත්‍යාගයක් වශයෙන් ලෝවැසියන්ගේ සිත් සතන් අතික්‍රමණය කරමින් සිටි.

©හසිත හේරත් | Athirasa [ World ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker