කැරකෙන දඟර සුළං | Weather Satellite
අහස දෙස බලන්නෙකුට මේ මිහිතලයේ අයිතිය කෙසේ දැනුනත් සැබෑ වශයෙන්ම මේ මහ පොළව දෙස පැය 24ම අවධානයෙන් බලා සිටින්නා වූද කවුරුත් දන්නා වූද ඇමරිකාවේ නාසා ආයතනය පසුගිය වසරේ අදවැදි දිනක(14) තවත් පිම්මක් පසු කලා. ඒ ලෝකයේ ඇතිවන සුළි කුණාටු හා දේශගුණික තත්ව පිළිඹඳ වැඩිදුරටත් තොරතුරු ලබාගැනීමට හැකි යාවත්කාලීන කල අති විශේෂ චන්ද්‍රිකා පද්ධතියක් ඔවුන් ගුවන් ගත කරමින්.
විශේෂිත ජම්බෝ ජෙට් යානවක සවිකල මෙම චන්ද්‍රිකාව අඩංගු “පිගෙසස්“ වර්ගයේ රොකට්ටුව අඩි 40,000 ක උඩුගුවනේදී මුදා හරිමින්ද ඉන්පසුව කක්ෂයකට විදිමින්ද ස්ථාගත කරන්නට යෙදුනා.

මෙම රොකට්ටුව තුල රැදවූ කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකා 8 ක් පෘතිවියේ සිට සැතපුම් 316 ක දුරකින් උඩුගුවනේ කක්ෂයක එකක් පසුපස එකක් රඳවා ලෝක ගෝලය වටා එකම වේගයකින් හා එකම දුරප්‍රමාණයකින් ගමන් කරවනු ලැබේ. සුළි කුණාටු , වැසි තත්ව , මුහුදු රළ පිළිඹඳ විශේෂිත වාර්ථා මෙම පද්ධතිය මඟින් ලබාගැනීමට නියමිතයි. වෙනත් කාලගුණ චන්ද්‍රිකා මෙන් නොව විනාඩි 12 කට වරක් අදාල ස්ථානයේ දත්ත හා තත්ව , පාලක මධ්‍යස්ථානය වෙත එවනු ලබයි. වෙනත් කාලගුණ චන්ද්‍රිකාවකට ලෝකය වටා යමින් දිනකට එවිය හැක්කේ කුණාටුවක දත්ත හා තත්ව දෙවරක් හෝ තෙවරක් පමණි.නමුත් මෙම පද්ධතිය චන්ද්‍රිකා 8 කින් සමන්විත නිසා විනාඩි 12 ට වරක් පසුපසින් පැමිණෙන චන්ද්‍රිකා මගින් පාලන මධ්‍යස්ථානය යාවත්කාලීන කරනු ලැබේ.
මෙම කුඩාප්‍රමාණයේ වන්ද්‍රිකා මගින් පොළව වෙත යවනු ලබන GPS සංඥා පොළවේ වැදී නැවත පැමිණෙන විට එය නැවත කියවීමෙන් චන්ද්‍රිකාව හා පොළව අතර වායුගොලයේ තත්වය නිගමනය කරයි.වායුගෝලය නිෂ්චල හා පිරිසිදු නම් සංඥා පිටත් කල ශක්තියෙන්ම නැවත ග්‍රහණය වේ.වායුගෝලය කැලඹිලි සහගත නම් සංඥා දුර්වලව ග්‍රහණය වේ.ඒ මගින් අදාල ප්‍රෙද්ශයේ තත්වය නිගමනය කෙරේ.
මෙම ව්‍යාපෘතිය සඳසා නාසා ආයතනය වැය කල මුදල ඇමරිකානු ඩොලර් මිලියන 157 ක් වන අතර මෙම පද්ධතිය ඉදිරියේදී තව දුරටත් යාවත්කාලීන කිරීමට නාසා ආයතනය බලාපොරොත්තුවෙන් සිටී.මෙම නව තාක්ෂණ යටතේ පෘතුවි වාසීන් වන අපට ඉදිරියේදී දැනට වඩා වැඩි තොරතුරු සමඟින් පෘතුවි ගෝලයේ ඇතිවන සුළිකුණාටු, සුළං හා මුහුදේ රළ හා තත්ව පිළිඹඳ අලුත්ම තත්වය අපගේ ජංගම දුරකථනයටම ගෙන්වා ගැනීමට හැකි වේවි.
හසිත හේරත් | Athirasa [ Science & Technology ]