අනතුරුදායකයි | Virus Alert
අනතුරුදායකයි !!
“ප්‍රවේශම් වන්න! ඔබේ නමින් ඔබේ යාළුවාගෙන් ඔබට එන වීඩියෝවක් ඇති බව දැක්වෙන චැට් පණිවුඩයේ ඇති වීඩියෝවක් සේ පෙනෙන සබැඳිය තුළට ඇතුළු නොවන්න”
මේ දිනවල බොහෝ දෙනා, බොහෝ දෙනාට යොමු කරන පණිවුඩය මෙවැනි එකකි තමාට වෙනකෙකුගෙන් ආ කිසියම් වීඩියෝවක සබැඳියකට ඇතුළුවීමෙන් පසු තමන්ගෙන්ද බොහොදෙනාට එම පණිවුඩය යොමුවී ඇති බව සැලවීම හා සමහර දෙනෙකුගේ Facebook ගිණුමට ඇතුළුවීමට පවා නොහැකි තත්වයක් උදාවී ඇති බව වටින් ගොඩින් ආරංචි වෙමින් තිබේ. ඇත්තෙන්ම ඔබට Facebook චැට් යෙදුම හරහා ඔබට ආ පණිවුඩය කුමක්ද?
ඊට කලින් අපි මදක් සොයා බලමු අපි නොදැනුවත්වම අපේ පරිගණකයට, ස්මාර්ට දුරකථනයට හොර පාරෙන් ඇතුලුවන අනවශ්‍ය යෙදවුම් මොනවාද කියලා.
Melwares- මෙල්වෙයාර් (Malicious software- අනිෂ්ට මෘදුකාංග)
අන්තර්ජාලයෙන් පැමිණ ඔබේ පරිගණකයේ රහසේම ස්ථාපිත වන සියලුම අනවශ්‍ය යෙදවුම් මේ නමින් හඳුන්වනු ලැබේ. බොහෝ විට මෙම යෙදවුම් සියල්ලම එක විට හෝ වරකදී, දෙකකදී හෝ ඔබේ පරිගණකයේ ස්ථාපිත වෙමින් ඔබ නොදැනුවත්වම ක්‍රියාකාරකම් වල යෙදී සිටී.
► adwares– ඇඩ්වෙයාර්
මේවා එතරම් නපුරු යෙදවුම් නොවේ. නමුත් පරිගණකයකට ඇතුල් විය යුතු නොවන අනවශ්‍ය යෙදවුමකි.මේවායෙන් බොහෝ විට සිදුවන්නේ ලෝකයේ කොහේ හෝ සිටින තුන්වෙනි පාර්ශවයක් විසින් ලොව පුරා මුදාහරි කිසියම් වූ දැන්වීමක් අපගේ පරිගණක තිරය මතද දර්ශණය වීමට අවශ්‍ය සැකසුම් හා එයට අවශ්‍ය මාර්ගය අපගේ පරිඝනකය තුළ සකස් කර දීමයි. ඔබ අන්තර්ජාලයේ ඇති සමහර වෙබ් අඩවි වලට ඇතුල් වීමේදී මෙම ඇඩ්වෙයාර් යෙදවුම් ඔබේ පරිගණකයට ඇතුල් වේ. ඉන්පසු ඔබට වදයක් වන ලෙස විවිධ අනවශ්‍ය දැන්වීම් ඔබගේ අන්තර්ජාල බ්‍රවුසරය මත හෝ විටින් විට ඩෙස්ටොප් තිරය මතද පොප්අප් වෙමින්ද පෙන්නුම් කෙරේ.මෙම දැන්වීම් ඔබේ පරිගණකයට යොමු කිරීම මගින් මේවා යොමුකල තුන්වැනි පාර්ශවය බොහෝ මුදල් උපයනු ලැබේ. ඔබේ පරිගණකය පෙරට වඩා බොහෝ වේගවත් බවින් අඩුවී ඇත්නම් ඔබේ පරිගණකය තුළ දැනටමත් ඇඩ්වෙයාර් ක්‍රියාකාරකම් සිදුවෙමින් ඇති බව ඔබ වටහාගන්න. යාවත්කාලීන කොටගත් ප්‍රථිවෛරස මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපිත කොට තබාගැනීම තුළින් මෙම ඇඩ්වෙයාර් ඇතුළුවීම වළක්වාගත හැක.

► Madwares – එම්.ඇඩ්වෙයාර්
මේනමින් හඳුන්වන්නේ ඉහත සඳහන් කල පරිගණකයට ඇතුල්වන ඇඩ්වෙයාර් යෙදවුම් වලම ස්මාර් දුරකථන සඳහා නිපදවා ඇති යෙදවුමයි Mobile Adwear යන්න කෙටි කොට Madwear ලෙස නම් කොට තිබේ. අනවශ්‍ය වෙබ් අඩවි තුළට ඇතුළු නොවී සිටීමෙන් මේවා ඔබේ ස්මාර්ට් දුරකථනය තුළ ස්ථාපිත නොවී තබාගත හැක. අවශ්‍ය නම් ප්‍රථිවයිරස් මෘදුකාංගයක් ඔබේ ස්මාර්ට් දුරකථනයේද ස්ථාපිත කොටගත හැක. ඇන්ඩ්‍රොයිඩ් Play Store හි තිබෙන සමහර ක්‍රීඩා හා ඇප්ස් බාගත කරගැනීමේදී මෙම Madwears ඔබේ දුරකථනය තුලට ඇතුල් විය හැක.මෙම madwears තුළින් ඔබ නොදැනුවත්ව ඔබ සිටින ස්ථානය , ඔබගේ දුරකථනයේ ඇති Contacts Numbers , පින්තූර හා වීඩියෝ වැනි දේද තුන්වැනි පාර්ශවයක් වෙත ලබාගත හැක.
► Spywares – ස්පයිවෙයාර්
තුන්වෙනි පාර්ශවයන් විසින් ඔබේ අන්තර්ජාල ක්‍රියාකාරකම් පිළිබඳ “ඔත්තු බැලීමට” ඇඩ්වෙයාර් යෙදවුම් සමග ඔබේ පරිගණකය තුළ ස්ථාපිත කරනු ලබන යෙදවුම ස්පයිවෙයාර් යෙදවුමයි. ඔබ නිතරදෙවේලේ අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන අයුරු මෙම යෙදවුම් මගින් සියුම්ව නිරීක්ෂණය කරනු ලබයි. බොහෝ විට ඔබ නව ගිණුම් සකස් කරන විට හා මුරපද යොදන විට මෙම ස්පයිවෙයාර්ස් මගින් ඒවා පිටපත් කරගනු ලබයි. තවත් විටක ඔබ ණයපතක්(Credit Card) භාවිතා කරමින් මිළඳී ගැනීමක් කරන අවස්ථාවකදී , ඔබ ලබාදෙන Credit Card අංකය පවා මෙම ස්පයිවෙයාර් යෙදවුම මගින් පිටපත් කරගනු ලබයි. තවත් විටක ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුම් වලට ඇතුල්වන විට ඒවාගේ දත්ත පවා ඔබට නොදැනීමට ඔබට හොරොන් තුන්වෙනි පාර්ශවය වෙතට යොමු කරනු ලැබේ.බොහෝ විට මේවා ඉබේම පරිගණකය තුල ස්ථාපිත නොවන අතර නොමිලේ ලබාදෙනවා යැයි දක්වන “බොහෝ මිලැති මෘදුකාංග” මෙන් පෙනී සිටිමින් ඔබෙන් අසමින්ම පරිගණකය තුල ක්ෂණයෙන් ස්ථාපිත වේ. මෙවා ස්ථාපිත වෙන අවස්ථාවේදී “අල්ලාගත්තොත් මිසක” පසුව පරිගකයේ ස්ථාපිත කරන ප්‍රථිවෛරස මෘදුකාංග මගින් මතුකරගත හැකි නොවන රහසේම ක්‍රියාත්මක වන්නකිි. බොහෝවිට ඔබට Facebook චැට් යොදවුම හරහා ඔබේ වීඩියෝවක් ඇතිබව දක්වමින් ඔබට පැමිණෙන සබැදියේ ඇත්තේ බොහෝ නපුරු ස්පයිවෙයර් යෙදවුමක් වන්නට පුළුවන. එම වීඩියෝව නැරඹීමට එයට ඇතුල්වන්න උත්සාහ දරන විට යෙදවුම ඔබේ පරිගණකයේ හෝ ස්මාර්ට් දුරකථනයේ ස්ථාපිත වේ. ඉන්පසුව එය දිගින් දිගට ඔබගේ මිතුරන්ටත් ඔවුන් එයට ඇතුල්වීමට උත්සාහ දරන විට ඔවුන්ගේ මිතුරන්ටත් ලෙස නොනවතින ගමනක යෙදේ. දැනටමත් ඔබගේ පරිගණකයේ ක්ෂණිකව මතුවන පොප්අප් දැන්වීම් එනවාද ? වෙබ් බ්‍රව්සරයේ වෙනදාට වඩා දැන්වීම් පෙනෙනවාද ? අන්තර්ජාලයේ සැරිසරන විට විටින් විට බ්‍රවුසරය හිරවෙනවාද ? වෙනදාට වඩා ඔබේ පරිගණකයේ වේගය බොහෝ අඩුවී ඇති බව දැනෙනවාද ? එසේනම් ඔබගේ පරිගණයක තුළට ඇඩ්වෙයාර්ස් හා ස්පයිවෙයාර්ස් අනවශ්‍ය ලෙස ඇතුලුවී ඇත. වහාම ස්පයිවෙයාර් පවා ඉවත් කළ හැකි යාවත්කාලීන කල ප්‍රථිවෛරස මෘදුකාංගයක් ක්‍රියාත්මක කරන්න.

► Ransomewares – රැන්සම්වෙයාර්
මෙම අනිශ්ට යෙදවුම් අතර ඇති භයානකම යෙදවුමක් වන්නේ මෙම රැන්සම්වෙයාර් යෙදවුමයි. ඔබගේ වටිනා දත්ත තුළට ඇතුළුවන මෙම රැන්ස්ම් යෙදවුම විසින් ඔබගේ දත්ත ගුප්තකේතයන කරනු ලබයි ( Encrypting) ඉන්පසුව ඒවා නැවත පෙරතිබූ තත්වයට( Decrypting) ගෙන දීමට මුදලක් ඔබෙන් ඉල්ලා සිටී. බොහෝ විට එය අතිවිශාල මුදලකි. ඔබට එම මුදග ගෙවීමට නොහැකිනම් ගුප්තකේතනය වූ ඔබගේ සියලු දත්ත ඔබට අහිමිව යනු ඇත. මෙය වෛරස් යෙදවුමක් නොවන අතර ඊට වඩා වෙනස් ක්‍රියාකාරකමක යෙදෙන දරුණු යෙදවුමකි. රැන්සම්වෙයාර් වර්ග පහකි.
● 01 Crypto malware / Encryptors
ඔබේ දත්ත ගුප්ත කේතනය කරමින් නැවත යථාතත්වයට පත්කිරීමට මුදල් ඉල්ලයි.
● 02 Lockers
ඔබේ දත්ත ගුප්තකේතනය නොකරයි නමුත් අගුලු දමයි. අගුල විවෘත කිරීමට මුදල් ඉල්ලයි.
● 03 Scareware
මෙය ව්‍යාජ වෛරස් ඇතිබව පෙන්වමින් ඒවා ඉවත් කිරීමට මුදල් ඉල්ලන සමහර විටන ඔබ විසින්ම ස්ථාපිත කොටගත් යෙදවුමකි.
● 04 Doxware (Leakware)
ඔවුන් විසින් ඉල්ලා සිටි මුදල් නොදුන්හොත් ඔවුන් විසින් අගුල් දැමූ හෝ ගුප්ත කේතනය කල ඔබේ අතිශය පෞද්ගලික දත්ත විවිධ අන්තර්ජාල පිටුතුළ ප්‍රසිද්ධියට පත්කරන යෙදවුමකි.
● 05 RaaS (Ransomware as a Service)
අතිශය භයානක තත්වයකි. ඔබගේ පරිගණකය ගුප්තකේතනය කර එහි පාලනය සම්පූර්ණයෙන් වෙනත් පාර්ශවයක් අතට ගනී
බොහෝවිට මෙම රැන්සම්වෙයාර් යෙදවුම් විසින් පෞද්ගලික පරිගණක වලට හානි පමුණුවනවා අඩුය. විශාල පරිගණක පද්ධතීන් රන්චු වශයෙන් ගුප්තකේතනය කිරීමට රැන්සම්වෙයාර් යොදවන්නන්ගේ අරමුණයි. 2017 දී ලොව බොහෝ රටවල පරිගණක පද්ධතීන්ට හානි කල WannaCry එවැනි අති බිහිසුනු රැන්සම්වෙයර් යෙදවුමකි.

► Bots – බොට්
ඔබේ පරිගණකයේ ස්ථාපිත වූ මෙම යෙදවුමක් මගින් ඔබේ පරිගණකය හරා තුන්වැනි පාර්ශවයකට යාන්ත්‍රික මුහුණුවරකින් ක්‍රියාත්මක විය හැක. සමහර ගිණුම් ලියාපදිංචි කීරීම්වලදී ඔබට CAPTHAC එකක් යොමු කරන්නේ ඔබ යාන්ත්‍රි බොට්වරයෙක් නොවන සැබෑම මිනිසෙක්ද යන්න සොයාගැනීමටයි.
► Bugs – බග්ස්
මේවා හානි පමුණුවන්නේ ඔබගේ පරිගණකයේ හෝ ස්මාර්ට් දුරකථනයේ ස්ථාපිත කොට ඇති මෘදුකාංග වලටයි. පෙර හොඳින් පැවති මෘදුකාංග දැන් දැන් මග නවතිනවාද , වේගය අඩුවෙලාද , සමහර ටූල්ස් භාවිතා කරන්නට නොහැකිද , විවෘත වන්නේ නැතිද ? එසේමහ් ඔබේ මෘදුකාංගවට බග් ප්‍රහාරයක් එල්ල වී ඇත.
► Trojan Horse – ට්‍රෝජන් හෝර්ස්
මෙයද ස්පයිවෙයාර් යෙදවුමක ලක්ෂණ පෙන්වන පරිගණක වෛරසයකි. පරිගණකයට ඇතුලුවී දුරස්ථ පාලයනයකට අවසර ලබාදෙමින් ඔබගේ මුරපද , අන්තර්ජාල බැංකු දත්ත සොරාගනිමින් පරිගණකයේ දත්ත පවා විනාශ කොට දැමිය හැකි රහස් වෛරස් යෙදවුමකි.

► Virus – වෛරස්
ඉහත සඳහන් කල සියලු යෙදවුම්වල අනුරූ වෛරස් සමග පැමිණිය හැක. ඔබගේ පරිගණකයේ දත්ත මකා දමමින් , දත්ත පිටපත් කරමින් තම වෛරස් කේතය වේගයෙන් පිටපත් කරමින් තව තවත් පරිගණකය වෛරස් වලට ඉඩ සකසමින් ඔබගේ පරිගණකය විනාශ මුඛය දක්වාම රැගෙන යයි.

► Spams – ස්පෑම්
බොහෝ විට විශාල වශයෙන් යාන්ත්‍රිකව Email හෝ වැට් පණිවුඩ අතොරක් නැතිව යොමුකිරීමට මෙම ස්පෑම්ස් වලට හැකිය. Facebook තුළ ස්පෑමයක් ක්‍රියාත්මක වන විට එය යාන්ත්‍රිකවම Facebook මගින් හඳුනාගන්නා අතර එම ස්පෑම් ගිණුම තාවකාලිකව අක්‍රීය තත්වයට පත් කරනු ලැබේ. මෙම ස්පෑම්ස් හරහා වෛරස් , ස්පයිවෙයාර් හෝ ඇඩ්වෙයාර්ස් එසේත් නැතිනම් රැන්සම්වෙයාර්ස් අමුණා යැවිය හැක.
ඔබට මේ දිනවල Facebook චැට් යෙදවුම හරහා පැමිනෙන්නේ ඉහත සඳහන් කල අනවශ්‍ය යෙදවුම් වලින් එකක් විය හැක. වැඩිදුර නොසොයා නොබලා ඒ සබැඳියට තුළට ඇතුලු වීමට උත්සාහ දැරීමෙන් ඔබට සිදුවිය හැකි අගතිය ගැන දැන් ඔබ දන්නවා ඇත. ඔබ කාලයක් පරිස්සම් කල ඔබගේ පරිගණකයේ ඇති දත්ත එහෙමත් නැතිනම් කාලයක් භාවිතා කල ඔබගේ Facebook ගිණුම Email ගිණුම Tweeter ගිණුම හෝ වෙනත් අත්‍යාවශ්‍ය ගිණුම් නැවත ඔබට නොලැබෙන ලෙස අහිමිව යෑමට හැකිය. එබැවින් අන්තර්ජාලය භාවිතා කිරීමේදී ඉතා අවධානයෙන් හා අවබෝධයෙන් එහි සැරිසරන්න.එමෙන්ම යාවත්කාල කල ලියාපදිංචි කල ප්‍රථිවෛරස් මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපනය කොටගන්න. එමගින් ඔබ නොදකින අන්තර්ජාලයෙන් පැමිණෙන අනිටු මෘදුකාංග ඔබේ පරිගණකයේ පැලපදියම් වීම සදහටම නවත්වා දැමිය හැක.
©හසිත හේරත් | Athirasa [Information Technology]