Categories

FeatureHistory

Xmas ද Christmas ද ?

998views

අද නත්තල් ! ඉතින් ඔබ නෑදෑයින්ට, හිත මිතුරන්ට සුබ පැතුම් පණිවුඩ එහෙමත් ගොඩක් යවනවා ඇති. ඒ වගේම ඔබට ලැබෙනවාත් ඇති. “සුබ නත්තලක්” එහෙමත් නැත්නම් “Merry Christmas” කියලා සුබ පැතුවත් ඔබ Merry Xmas කියලත් සුබ පතනවා ඇති. ඔබටත් සුබ පැතුම් ලැබෙන්නට ඇති. එහෙමත් නැතිනම් මේ වචනය ඔබට බොහෝ හුරු පුරුදුත් ඇති.මොකද්ද මේ Xmas කියන්නේ ? නත්තල අස්සට කොහේවත් නැති X අකුරක් දාගෙන ඇයි ?

ඇත්තටම කිවුවොත් මේක X අකුරක් වගේ පෙනුනට මේකේ උච්චාරණ ශබ්දය නම් “Ex” නොවෙයි. මේකේ උච්චාරණ ශබ්දය වන්නේ “Chi”.මේ අකුර ඇවිත් තියෙන්නේ ග්රීක වචනයක් වන “Χρήστος” කියන වචනයෙන් ගැලවිලා. මේ Χρήστος කියන වචනයේ තේරුම Christ (ක්රිස්තු).

කොහොම වුනත් 1551 වසරේදි මුලින්ම භාවිතා වුනු මේ X යෙදුම මුලින්ම යොදා ඇත්තේ X’temmas ලෙසයි. පසුව එය Xmas(Christ-mas) ලෙස වෙනස් වී තිබෙනවා. ඉතින් ඔබත් XMas යන වචනය සුබ පැතුම් සඳහා යොදාගන්නේ නම් එහි තේරුම දැනගෙන භාවිතා කරන්න එමෙන්ම එහි Xඅකුරෙහි උච්චාරණ හඬ “එක්ස්” යනු⁣වෙන් උච්චාරණය නොකිරීමට වග බලාගන්න.

හසිත හේරත් | Athirasa [ Feature / History ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker