Categories

Life

ඇය නොවූ ඇය | Feelings

724views

ආගිය මග බොහෝ හමුවූ මිතුරු මිතුරියන් අතර ජීවිතයට එබිකම් කළ මා ආදරය කළ , මට ආදරය කළ භෞතික ලෝකයේ “පෙම්වතියන් “ බැම්මේන් බොහෝ ඈතට සක්මන් කළ කල ඊට සමානුපාතිකව මා බොහෝ ආදරය කරන සදා නොමියෙන “ පෙම්වතියන් “ කිහිප පළක් සදාකල් මගේ හිත තුල දැවටී මා මිය යනතෙක් තවමත් ජීවත් වෙති. ඔවුන් කෙදිනකවත් මා දැක නැත.ස්පර්ශ කොටද නැත.එහෙත් මා ඔවුන් අදටත් සිතින් දකිමි,සිතින් ස්පර්ශ කරමින් සිටිමි.එහෙත් ඔවුන්ගේ මුහුණු මට නොපෙනේ. කලුද සුදුද නොපෙනේ.එහෙත් ඔවුන් අදටත් මා වට මුමුණමින් සක්මන් කරනු ඇසේ ඔවුන් ජීවත් වන්නේ මේ ලොව තුල නොව මේ ලොවෙන් බොහෝ ඈත මාගේ මනෝ ලෝකය තුලය..ගීත කිහිපයක් තුලය !!

ඉන්දිකා උපමාලී ගයන “සඳ පහන් රැයේ“ ගීතය තුද ජීවත් වන්ගේ මගේ පරම පිවිතුරු මනෝ පෙම්වතියම වේ..අමරසිරි පීරිස් ගයන “ඔබ ඇපල් මලක් වාගේ“ ගීතය තුළද ඇයම ජීවත් වේ..දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසින් ගයන “මට නුඹ විතරක් උනාට“ ගීතය තුළද ඇයම ජීවත් වේ.මේ ගීත මා සවන් වැකෙන සෑම වරම ඇය මගේ මනසට දුව එන්නීය, එබිකම් කරන්නීය. ඇරඹූ වැඩ කන්දරාව පවා බොහෝ විටක මොහොතකට ඇය මහහැරවන්නීය.ඇය සිනාසෙන්නීය.එහෙ මෙහෙ දුවන්නීය.වරෙක රණ්ඩු වන්නීය.තවත් වරෙක අඬන්නීය.ගීය අවසානයේ ඇය මා දමා පලා දුවන්නීය.ඇය එදාත් අදත් හෙටත් සප්ත ස්වරය සමග මා සොයා එනු ඇත.එහෙත් මා කෙදිනකවත් ඇය නොදකිනු ඇත.එහෙත් ඇයට මා පෙම් කරමි.නුඹ නොදුටු නුඹට සඳා පෙම් බඳින මා…

හසිත හේරත්

වැසිදිය මහ බිම තෙමුවට
https://www.youtube.com/watch?v=p-OnTIh0n4o

සඳ පහන් රැයේ
https://www.youtube.com/watch?v=mIKzDHuatoE

ඔබ ඇපල් මලක් වාගේ
https://www.youtube.com/watch?v=mCM6T9EnQGs

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker